මේ කතාව මට නුපුරුදුයි... සල්ලි ඉල්ලන වන්දි ඉල්ලන රජයට බනින මිනිස්සු ඉන්න රටේ මේ වගේ ඉල්ලීමක්... අම්පාර පොතුවිල් වලට ළඟ රොට්ටේ ප්‍රදේශයේ පෞරාණික කොවිලක් අසලට ගිය විට කෙනෙක් ඇවිත්... සර් පොඩි ප්‍රශ්නයක් තියනව. ඇවිල්ල බලනවද ඇහුව.. ප්‍රශ්න නැත්තෙ කාටද යමුකො බලන්න.. මඩ වතුර පිරුණු වැවක් ළඟ ධීවරයන් පිරිසක් අමුතු කතාවක් කියන්න වුණා... "මේ වැව දැන් හිඳිල, මේ වටේට ලොකුවට කරන කුඹුරු තියනව. මේ ගමේ අයට කුඹුරු අක්කර භාගයක් තියා එදා වේල කන්න සල්ලි නෑ. මේ හැම පවුලම රැකෙන්නෙ වැවෙන් අල්ලන මාලු වලින්. අපිව මාලු අල්ලන මිනිස්සු නිසා ගණන් ගන්නෙත් නෑ" අපි සංගමයක් විදියට එකතුවෙලා වැහි කාලෙ අාපු ගමන් මාලු පැටව් සල්ලිවලට අරන් වැවට දානව. ඒ මාලු ලොකු උණාම අල්ලනව ඒත් ලොකු දැල් දාල. මොකද මාලු පැටව් පරිස්සම් කරගන්න ඕන. දැන් අවුරුදු දෙකක් තිස්සෙ පෑවිල්ල. ඒ මදිවට තියන වතුර සේරම කුඹුරුවලට ඇරල මාලුන්ට ජීවත්වෙන්න බෑ. වැව හිඳෙද්දි මාලු මැරෙනව. ලුණු ගතිය වැඩි වෙනව. දැන් කොක්කුයි පිට රටෙන් ඇවිල්ල ඉන්න කුරුල්ලොයි ඉතුරු මාලු පැටව් කනව. මේ අවුරුද්දම ඉවරයි. අපේ ගෑණුන්ගෙ කණ...
I am enough of an artist to draw freely upon my imagination. I like to be a free spirit. Some don't like that, but that's the way I am. I am only a public entertainer who understands his time. I am you; you are me. You are the waves; I am the ocean. Know this and be free, be divine.