Skip to main content

Posts

Showing posts with the label gammedda

Blogged: #Gammadda හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..

නදීෂාන් ඇයි බන් දැන් මැච් එකකවත් පේන්න නැත්තෙ. කොහෙද මේ රට වටේ යන්නෙ. ඕව බොරු වැඩ බං, මොකෝ චන්දෙවත් ඉල්ලන්න යනවද? ඔෆිස් වැඩ වලින් අයිස් ගහල වටේ යනවනෙ.  මේ දිනවල මගෙන් අහන සමාන හා අසමාන ප්‍රශ්නාවලිය.. කුඩා කල ගම් බදව වාසය කලත් දැන් අප ‍ කොලොම්පුරේ ගෙන්දගම් පොළව සමග හැපෙමින්, ජීවන යුද්ධයේ නිරතවෙමින් සිටිනවා. අපි ලංකාව  සංසන්ධනය කරන්නේ යුරෝපය, අග්නිදිග ආසියාව හරි මධ්‍යම ආසියාව සමග. ඒ අදාල රටවල්වල ඇති දැවැන්ත සංවර්ධනය ලංකාවට නොපැමිණීම ගැන. දළ දේශීය නිශ්පාදනය සංඛ්‍යා අංක පෙන්නමින්  ලංකාවේ දේශපාලුවන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්, රට සංවර්ධනයේ මාවතට එන බව කියනව.  ඒත් මේරටේ බහුතරයක්, එදිනෙදා කටයුතුවත් කරගැනීමට බැරිව, බීමට පිරිසිදු වතුර ටිකක්, ගමන් කිරීමට පාරක්, රෑට නිදහසේ නින්දක් නැතිව එදා වේල ටුවර්ස් ජීවිතයක් ගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද ? වතු කම්කරුවන් හැමදාම කම්කරුවන් විය යුතුයි, ගොවියාගේ දරුවාද ගොවියෙකු, නාට්ටාමිවරයාගේ දරුවාට නාට්ටාමියෙකුගේම ජීවිතයම අවශ්‍ය බව සිතන රදළයන්, අත්මාර්ථකාමීන් වර්ථමානයේද සිටින බව ඔබ දන්නවාද?  දිවයින පුර...

අපට ඉර හඳ එපා - නගරයට පාර පෙන්නන්න පාර හදා දෙන්න - කන්දල්ඔය ජනතාව

නිව්ස්ෆස්ට්, මෙහෙයවූ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දින 24කට පසුව අවසන් විය. සඳලු තලේ සිටිමින්  දෙනෙත් රහිතව, පෙනුනත් නොපෙනෙන, ඇසුනත් නෑසූ කන්ව සිටින පාලක පාලිකාවන්ගේ ඇස් ඇරවීමට මෙම ක්‍රියාන්විතය උදව්වූවාට සැක නැත.  සෑම ශ්‍රී ලංකිකයාටම සම්පත් සමානව නොලැබී යාමට උදාහරණ දහස් ගණනක් එහිදී හමුවිය. මෙරට ඇතැම් මාර්ගවලට අනවශ්‍ය වියදමක් දරමින් සංවර්ධනය වද්දී, එදිනෙදා කටයුතු සිදුකරගැනීමට කෙසේ වෙතත්, අසාධ්‍ය ලෙඩෙක් නගරයට ගෙන යෑමට හෝ නිසි මාර්ග පද්ධතියක් නොමැති ගම්මාන සියගණනක් එහිදී හමුවිය. ගමේ චන්දයෙන් නගරයට පැමිණ ගම අමතක කරන දේශය පාලනය කරන්නන්, නැවත ගම්මානය දිහා නොබලන බවට එය කදිම උදාහරණයකි.  දින 24ක ක්‍රියාන්විතයට දායකත්වය ලබා දුන් සහෘදයන් හා සසඳා බලද්දී මා අවාසනාවන්තය, ඒ, මට ඊට සම්බන්ධවීමට හැකිවුයේ දින 4ක් පමණක් වීම හේතුවෙනි. නමුත් ඒ කෙටි කාලයේ දී, අත්දැකීම් සම්භාරයක් රැගෙන පැමිණිමට හැකිවීම ගැන මාගේ සියුම් ආඩම්බරයක් ඇත. යටියන්තොට සිට සීපෝත් දක්වා දිවෙන මාර්ගය එම කාලයේදී,  අපගේ මුල්ම ගමනාන්තය වූයේ යටියන්තොට සිට කිලෝමීටර 33 ක පමණ දුරකින් පිහිටි සුන්දර...