Skip to main content

Posts

Showing posts with the label cricket

සිදුවූයේ කිම - ආර් ප්‍රේමදාස පිටියේ යකා නැටූ නොසන්ඩාලයන්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග කල තුන්වැනි තරගය අතරතුර අභාග්‍ය සම්පන්න සිදුවීම් සමුදායක් සිදුවීම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම්වල අවධානයට ලක්විය. එසේම එම සිදුවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට යාමෙන් සත්‍ය කරුණු ඉස්මතු නොවීමද අවධානයට ලක් කල යුතුය. බොහෝ පිරිසක් තමන් දුටුදෙය මත සිට නිගමනයකට පැමිණ ඇති අතර, එය සත්‍ය විකෘති කිරීමක් ලෙසද දැක්විය හැක. සිදුවූ ගැටුම මුල සිට දුටු පුද්ගලයෙකු මෙන්ම, සිදුවූ ආකාරය විමසා දැකබලාගනිමින් ගල් පහර මධ්‍යයේ, ක්‍රීඩංගණයෙන් පිටත ප්‍රදේශයේ සිදුවූ දෑ විමර්ශණය කල පුද්ගලයෙකු ලෙස සිදුවූ සිදුවීම සටහන් කිරීමට කැමැත්තතෙමි. එහි දී සිදුවූයේ කුමක්ද ?  පකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 316 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු කඩවු ස්වරූපයෙන් සිටි බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අනන්‍ය වූ ආකාරයෙන් තරග නැරඹීම එදිනද දක්නට හැකිවිය. බොහෝ පිරිසක් කලකට පසුව කොළඹ ක්‍රීඩා කරන තරගය නැරඹීමට තම හිතෛෂීන් සමග එක්වූයේ කණ්ඩායම ජයගනු නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය...

ක්‍රිකට් රාත්‍රිය - ප්‍රහසනය හා යතාර්ථය තුළ අතරමංවූ ප්‍රේක්ෂකයා

සත්‍යය, ප්‍රහසනය හා ආචාර ධර්ම පද්ධතිය අතර දෝලනය වූ සිද්ධි කිහිපයක් ‍හේතුවෙන් සමාජයේ කථිකාවතක් ඇති කල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රාත්‍රිය සම්බන්ධව මාගේ අදහස බොහෝවිට ඒක පාර්ශ්වික විය හැක. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේදි සහයෝගයෙන් ආරම්භවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සම්මාන උළෙල මෙවර පැවැත් වූයේ එහි නිසි භාරකාරයන්ගෙන් තොරවය. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් සංගමක් හරහා ක්‍රිකට් ආයතනය වෙත තම අයිතීන් සපුරා ගැනීම සදහා බලපෑම් එල්ල කිරීමය. මෙම වසරේ ක්‍රීඩක කොන්ත‍රාත්තු මුදල් සම්බන්ධයෙන් එය සංගමයේ මැදිහත්වීම නොරිස්සූ ක්‍රිකට් බළධාරීන්, එම සංගමය නොපිළිගන්නා බව පවසා ක්‍රිකට් ක්‍රීඩකයන් හට සෘජුව බලපෑම් එල්ල කලේය. එහිදී වර්ථමාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාවක් උසුලන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් විවිධ පාර්ශව හරහා හෑල්ලුවට පත් කිරීමටද ඔවුන් ක්‍රියාත්මකවිය. ලොව ජනප්‍රිය චරිතයක් ඒ අවස්ථාවේ සිදුකල ප්‍රකාශයක් මෙහිදී සැලකිල්ලට ගතයුතුය. උපුටා ගැනීම ක්‍රිකට් ක්‍රීඩකයන් හැටියට අපිට මුදල පිළිබදව ප්‍රශ්නයක් තිබුනේ නැත. නමුත් මෙය අපේ ජීවන...

20 days of life - Extraordinary Experience - world Twenty 20

I'v had an unforgettable experience in life during the World Twenty 20 2012 during August of this year 2012.  It was truly an unexpected opportunity of life time, the accreditation to cover one of largest sporting event of the world as a International Cricket council's accredited Cricket journalist. Follow @nMeeDiN The applications for the opportunity was rejected soon after the process and it was a heart breaking situation for the whole crew. However it was fixed at last moment to open wings to take part in event. Specialty  of opportunity.  ICC World Twenty 20 hosting once in two years while ICC World cup hosts once in four years in different parts of the world.  This is the first time Sri Lanka privileged to host a Full ICC event in the country at 4 different venues (Practice venues are not mentioned in these 4 venues). Sri Lanka privileged to host two other world cups prior to this WT20...