Skip to main content

ක්‍රිකට් රාත්‍රිය - ප්‍රහසනය හා යතාර්ථය තුළ අතරමංවූ ප්‍රේක්ෂකයා

සත්‍යය, ප්‍රහසනය හා ආචාර ධර්ම පද්ධතිය අතර දෝලනය වූ සිද්ධි කිහිපයක් ‍හේතුවෙන් සමාජයේ කථිකාවතක් ඇති කල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ රාත්‍රිය සම්බන්ධව මාගේ අදහස බොහෝවිට ඒක පාර්ශ්වික විය හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේදි සහයෝගයෙන් ආරම්භවූ ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීමේ සම්මාන උළෙල මෙවර පැවැත් වූයේ එහි නිසි භාරකාරයන්ගෙන් තොරවය. ඊට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් සංගමක් හරහා ක්‍රිකට් ආයතනය වෙත තම අයිතීන් සපුරා ගැනීම සදහා බලපෑම් එල්ල කිරීමය.

මෙම වසරේ ක්‍රීඩක කොන්ත‍රාත්තු මුදල් සම්බන්ධයෙන් එය සංගමයේ මැදිහත්වීම නොරිස්සූ ක්‍රිකට් බළධාරීන්, එම සංගමය නොපිළිගන්නා බව පවසා ක්‍රිකට් ක්‍රීඩකයන් හට සෘජුව බලපෑම් එල්ල කලේය. එහිදී වර්ථමාන ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රධාන භූමිකාවක් උසුලන ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් විවිධ පාර්ශව හරහා හෑල්ලුවට පත් කිරීමටද ඔවුන් ක්‍රියාත්මකවිය.

ලොව ජනප්‍රිය චරිතයක් ඒ අවස්ථාවේ සිදුකල ප්‍රකාශයක් මෙහිදී සැලකිල්ලට ගතයුතුය. උපුටා ගැනීම ක්‍රිකට් ක්‍රීඩකයන් හැටියට අපිට මුදල පිළිබදව ප්‍රශ්නයක් තිබුනේ නැත. නමුත් මෙය අපේ ජීවන වෘත්තියයි. එසේ කියා ඔවුන් කියන කියන දේට එකග වීමට අපිට නොහැකිය. අප උපයාදෙන මුදල් ඔවුන් භාවිත කරන ආකාරය ඔබ දන්නා බව අපි දනිමු. 2011 ලෝක කුසලානයෙන් පසුව ක්‍රිකට් ආයතනයේ මුදල් පිල්ලි ගැසූ පුද්ගලයන් මේවන විටත් සිටී. උපුටා ගැනීම අවසන්.

ක්‍රිකට් බළධාරීන්ගේ ක්‍රියා කලාපයන් හා ඔවුන්ගේ ඒකාධීපති පාලනය පිළිබදව සමාජයේ ‍නොයෙක් චෝදනා ඇත. එසේම ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සමාජය තුළ ඔවුන් උපහාසයට ලක්වීමද  සාමාන්‍යය.

 නමුත් එය සමස්ථයම නොවන බව අවධාරණය කල යුතුය.

ක්‍රිකට් රාත්‍රිය පිළිබදව ක්‍රිකට් ප්‍රේක්ෂකයාගේ ඇසින්. 

එම රාත්‍රිය වර්ණවත් කිරීම සදහා සංවිධායකයන් විවිධ අංග එක් කර තිබිණ, ඒ සම්බන්ධව කිසිදු ගැටලුවක් නොමැත. එසේම එහිදී සුනිල් පෙරේරා හා පුස්වෙඩිල්ල ගේ නාට්‍යමය අංග දෙක පිළිබදව මේවනවිට කතිකාවක් ගොඩ නැගී ඇත.

පේක්ෂක ඇසින් එහි කිසිදු වරදක් නැත, කලාකරුවා යනු සමාජයේ සිදුවන දුරාචාරයන් ප්‍රසිද්ධියේ විවේඡනය කල හැකි ප්‍රභල චරිත‍යන්ය. එය ඔවුන්ගේ වගකීමය, ඔවුන්ගේ ක්‍රමෝපායන් භාවිතකර සමාජයට පණිවුඩයක් දීම පිළිබදව කිසිදු ගැටළුවක් නැත.

ප්‍රේක්ෂක ඇසින් බලන කල සිංහයාගේ අඩවියට විත්, සිංහයාට අභියෝග කරන්නා සැබවින්ම නිර්භීත චරිතයකි. එවන් කලාකරුවන් වර්ථමානයේ දැකගත හැකිවීම කලාවේ ඉදිරි ගමනට පිටුවහලකි. එසේම ඔවුන්ගේ හාස්‍යය මුසු ඉදිරිපත් කිරීමෙන් ඇස් රතුවීම පිළිබදව මාගේ කිසිදු පසුතැවිල්ලක් හෝ අනුකම්පාවක් නැත. වැරදිකල වුන්ගේ ඇස් රතුවීම දැක සතුටුවීමට වඩා, ඔවුන්ගේ වැරදි කොන්දක් ඇතිව ඔවුන්ගේ අඩවියේදීම රගදැක්වීම පිළිබදව අදාළ කලා කරුවන් පිළිබදව ද්වේෂයෙන් බැලීමේ හැකියාවක් ද නොමැත. ඒ ඔවුන් වැරදිකල වුන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීම හේතුවෙනි.

එසේනම් මෙම සිදුවීම් දාමය සාකච්ඡාවට බදුන්වීමට හේතුව කුමක්ද? 


එදින ජිප්සීස් නායක සුනිල් පෙරේරා විසින් මිනිත්තු 20ක් පුරා පැවැත්වූ හාස්‍ය ජනක අංගයේ බැලු බැල්මට කිසිදු විවේචනාත්මක දෙයක් සිදුවූයේ නැත. ඒ එහිදී පුද්ගලයන් කේන්ද්‍ර ගතකරගනිමින් පහර ගැසීමක් සිදු නොවූ නිසාවෙනි.

දේශපාලන ක්ෂේත්‍රයේ චරිත පාදක කරගනිමින් හාස්‍යයජනක ඉදිරිපත් කිරීම් සිදුවුවත් එම රාත්‍රියේදී එම ස්ථානය එම අවස්ථාවට යොදාගැනීම පිළිබදව විවේචනයක් නොමැත. ඇත්නම් ඒ දේශපාලන අභිමතාර්ථයන් ඇතිව අදාළ අවස්ථාවට සහභාගීවූවන්ට පමණි. එම අංගය ඇත්තෙන්ම මනාව නිර්මාණය වූවක් ලෙස සැලකිය හැක්කේ එහි අන්තර්ගතය වෘත්තීමය තත්වයක පැවතීම හේතුවෙන්.

නමුත් දෙවැනි අංගයේදී ඉහත කරුණු බොහේමයක් මගහැරී තිබිණ. ඊට හේතුවන්නට ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන හාස්‍යොත්පාදනය පුද්ගලයන් පදනම්කර ගනිමින් නිර්මාණය වූවක් වීම හේතුවෙන් විය හැකිය. එම අංගයේ අන්තර්ගතවූ ඇතැම් කරුණු කිසිවෙකුටවත් සැගවිය හැකි කරුණු නොවීය.

ගුවන් යානයක දොර විවෘත කිරීම, ඇයි මීට කලිං මාව දැකල නැද්ද,  විශ්‍රාම ගැනීමට කාලය එළඹුනද ක්‍රිකට් ක්‍රීඩා කිරීම, ඉන්දීය රියැලිටි තරගයක නර්ථනයේ යෙදීම හා ක්‍රිකට් විචාරයේදී සිංහල වචන නොදැනුවත්ව කටින් පිටවීම එම ප්‍රසිද්ධ කරුණුය.

නමුත් ඒවා භාවිත කල ආකාරය පිළිබදව ගැටළු ඇත, එහි විශේෂත්වය වන්නේ මෙම අවස්ථාව අදාළ ක්‍රි‍ඩකයන්ගේ වර්ණවත්ම රාත්‍රිය වීම හේතුවෙනි. එම හාස්‍යොත්පාදක අංගයෙහි සමස්ථයකට පහර ගැසීමක් දැකිය නොහැකි විය. අදාළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පදනම්කරගනිමින් ලියවෙන ලද තිරපිටපතක් අනුව රූපනයෙහි යෙදුන පිරිස, සමූහ ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩකයා හෑල්ලුවට ලක් කල බව මාගේ මතයයි.

සම්පූර්ණ තිර පිටපත පුරා ලියැවී තිබුනේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නොහැකියාවයි. එනම් ලෝක කුසලානයක් ජයගැනීමේ නොහැකියාවයි. ඒ සදහා විවිධ උපක්‍රම යෙදීම කල අතර, ක්‍රිඩකයන්ගෙන් සිදුවූ මානුෂික අතපසුවීම් හාස්‍යයට ලක් කිරීමද සිදුවිය.

මෙහිදී අවධාරණය කලයුතු කරුණක් ඇත. ශ්‍රී ලංකාවට 1996න් පසුව ලෝක කුසලානයක අවසන් තරගයකදී ජයගැනීමට නොහැකි විය. නමුත් මතකයේ රදවාගත යුතුවන්නේ ඔවුන් සැම විටම දෙවැනි වටයට හෝ සුදුසුකම් ලබාගැනීමට තරම් ශක්තිමත් කණ්ඩායමක් බවයි. ඔබ උපහාසයට ලක්කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අර්ධ අවසන් පූර්ව වටයට හෝ පිවිසීමට දක්ෂ කණ්ඩායමක් බව බොහෝවිට ප්‍රේක්ෂකයන්ට අමතක වන්නේය.

සමස්ථයක් ලෙස ගත්කල එහිද කිසිදු වරදක් නැත, නමුත් හැල්ලුවට ලක්වෙන්නාගේ සිය මංගල රාත්‍රියට ආරාධනයක් අනුව පැමිණි පිරිසක් වෙතිනි,  එසේම තම නෑ හිත මිත්‍රාදීන් ඉදිරියේ ඔවුන්ව හෑල්ලුවට ලක් කිරීම මානුෂියව සාධාරණීයකරණය කල හැකිද?

හාස්‍යයෙන් පිරි අංග ඉදිරිපත් කිරීම එම අවස්ථාව අනුව සිදුකල යුතු බව මාගේ මතය වේ.  පුස්වෙඩිල්ල නම්වූ පිරිසගේ අංගය නැවත නැවත නැරඹීමෙන් මා සමග එකගවනු නොඅනුමානය.

එ‍හිදී සිනාහඩින් පිරීයන ශාලාවේ හඩ ඇසීමෙන් එම අවස්ථාව සදහා එක්ව සිටි පිරිසද මීට යහපත්  ප්‍රතිචාර දැක්වූ බවට තර්ක කරනු ඇත. නමුත් ඔවුන් අතර සිටි එක් පුද්ගලයෙකු එම අවස්ථාවේ අපහසුතාවයට පත්වනවා දැක නැතිව ඇත. ඔහු පිළිබදව ඔහුගේම හිතෛෂීන් අවඥාවෙන් සිනාසෙනු නොදුටුවා විය හැක. හාස්‍යය යනු එයයි. ඔබ වැරදි කල බව පිළිගන‍්නේ නම් අපහාස විදීමටද සිදුවෙන බව ඔබ තර්ක කරනු ඇත.
අවාසනාවකට ඔබේ තර්කය ගොඩ නැගෙන්නේ ශ්‍රී ලංකා නාමය ලොව සිව්කොන ගෙන යෑමට දායකවූ ඔබේ කාලයේ වීරයෙකුට එරෙහිව වන බව ඔබට නොහැගෙනු ඇත.

කෙනෙකුට වරදක් සිදුවීමට මනුෂ්‍ය ස්වභාවයයි, නමුත් ඔහුගේ මංගල රාත්‍රියේ තම නෑදෑ හිතවතුන් ඉදිරියේ අපහාසයට ලක්වීම ඔබට අනුමත කල හැකිද?

එය ඔවුන්ගේ රාත්‍රිය ද?

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඇගයීම සදහා පවත්වනු ලබන සම්මාන රාත්‍රියේ අයිතිය එදා මෙදා තුර ශ්‍රී ලංකාව තුළ දේශීය මෙන්ම ජාත්‍යන්තරව ක්‍රීඩාකල සියළුම ක්‍රීඩකයන්ගේ රාත්‍රිය වෙයි. එම සම්මානය ඔවුන් සිය වටිනාකාලය වැයකරමින්, අ‍ග ලේ මස වැයකිරීම සදහා පිදෙන තුටු පඩුරක් ලෙස සැලකිය හැකිය. එක් වසරකදී සෑම සියළු දෙනාහට  සම්මාන හිමිකරගත නොහැක. නමුත් ක්‍රීඩක ප්‍රජාව එම රාත්‍රියට සහභාගීවන්නේ හද පිරි සතුටකිනි. ඒ ඔවුන්ගේ සහෘදයින් සිය කැපවීමේ ප්‍රථිපලයක් ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම දැක ගැනීමටයි.

ජ්‍යේශ්ඨ හා විශ්‍රාමික ක්‍රීඩකයන් මීළග පරපු‍ර දෙස ආඩම්බර වීමට මෙය අවස්ථාව කර ගනී.

සැලකිය යුතුයු - එම අවස්ථාවේ සම්මානයෙන් පිදුම් ලද සියළුම ක්‍රීඩකයන් පෙර වසරේදී පෑ දස්කම් අනුව සම්මාන ලැබීය. සම්මාන කිහිපයක් හැරුණු කොට.

ඒ අනුව ගත්කල, එවන් අවස්ථාවක පැවැත්වූ හාස්‍යෝත්පාදක අංගයක් හේතුවෙන් රටේ ක්‍රීඩක ප්‍රජාවගේ අභිමානය හෑල්ලුවට ලක්වීම අනුමත කල හැකිද?

හැගීම් පාළනය කරගනිමින් බුද්ධියෙන් තීරණගැනීම ඔබ සතුයි.

කලාකරුවා සම්බන්ධව කිසිදු විවේඡනයක් නොමැත, නමුත් අවස්ථානුකූලව පිටපත් සකස්කර ගත්තේනම් සදාචාර සම්පන්න නිර්මාණයක් අත්විදීමේ ඉඩකඩ තිබිණ.

ශ්‍රී ලංකව යනු සාඩම්භර අතීතයකට හිමිකම් කියන සංස්කෘතියට, සදාචාරයට හා අභිමානයට මූලිකත්වය දෙන රටක් බව මාගේ මතයයි.

එය සාපේක්ෂයි...

සත්‍යය, හාස්‍ය, සදාචාරය, සම්ප්‍රදාය හා අචාර ධර්ම එක් මාවතක ගමන් නොකරයි බුද්ධිමත් ඔබ අවස්ථානුකූලව නිවැරදි මග තීරණය කල යුතුය..

සංවාදයට විවෘතයි...

සුනිල් පෙරේරාගේ ගීතමය නිර්මාණය (දෙරණ වීඩියෝ )


 පුස්වෙඩිල්ල නිර්මාණය කල හාස්‍යෝත්පාදක නිර්මාණය ( වීඩියෝ - c)



Comments

Popular posts from this blog

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Received an amazing birthday gift - It's you & your kind wishes

Another year has passed, another digit added to my age, time sure does fly. I would like to thank each and every one of you for your lovely wishes, and in return would like to wish you all the success and happiness throughout the future. Realized the power and extent of social networking when it came to my birthday. I don’t think I have ever received as many wishes. Hello my friends, just a quick note tonight to say thank you for all your Wishes. It filled my heart with joy to read all of your kind words. I had a wonderful day and I am still enjoying, Thanks a lot, you all are so special to me and your wishes too. I can’t believe I have to wait another year to hear such sweet things again. Once again i thank all of you for this compliment and the wonderful wishes, I will never ever forget this. I tried to attend & reply each and every wish faithfully, and also urge forgiveness if missed by any mistake. Facebook Wishes Twitter Wishes ...............