Skip to main content

Blogged: බයියන් - ටොයියන් - කබ්බන් හා රූකඩ අතර සිරවුන තරුණ චන්ද

එවකට නිදහස් පක්ෂය ලෙස පිරිසක් හිටපු ජනපති දිනවීමට දිවිහිමියෙන් කටයුතු කලේය. නමුත් අවසානයේ ඔහුට පරාජය වීමට සිදුවිය. නිදහස් පක්ෂයේම වුවත් එහි විරුද්ධ පක්ෂ හා කඳුවුරු බැඳි එවකට සෞඛ්‍ය ඇමතිවරයා ජනපති විය.

පරාජිත පාක්ෂිකයන් හා ජයග්‍රාහී පාක්ෂිකයන් කාකොටා ගැනීම ආරම්භ කලේය. පරාජිත පාක්ෂිකයන් තම පරාජිත හැඟීම පිට කලේ, ‍ජාතිවාදය, යුද මානසිකත්වය, හා පුද්ගල චරිත පදනම් කරගනිමිනි. ඒ ඔවුන් එම තත්වයට පත්කල ජනතාවගේ නි‍යෝජිතයන් කියාගන්නා පිරිසක් හේතුවෙනි.


ජයග්‍රාහී පාක්ෂිකයන්, සතුට භුක්තිවිඳීම ආරම්භ කලේ ජයග්‍රහණය සැමරීම පසෙකලා පරාජිතයන්ගේ හැඟීම් වලට පහර දෙමිනි. එයද මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසකගේ අවශ්‍යතා පිරිමැසීමක් විනා අන් කිසිවක් නොවේ.

පරාජිතයන්, නැවත නැගී සිටීමට සියලු උත්සාහයන් දැරීම ‍ස්වාභාවිකය. ඒ අනුව නිදහස් පක්ෂය කටයුතු කරනවාද යන්න සැක උපදවයි. ඔවුන් එය පසෙකලා ජයග්‍රාහී පක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකිරීමට සෘජුව හා වක්‍රව වපසරිය සකසමින් සිටී.

නැවත බලය තහවුරු කරගැනීමට ඇතැම් බලවේග පෙළගැසෙද්දී හිටපු ජනපතිවරයා තම ලේ දහඩිය වැයකල ප්‍රධාන පක්ෂය ඊට සහභාගීවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.

එසේම තම ජනපති අපේක්ෂකයාට එරෙහිව සියලුම බලවේග එක්වනවිට, ඔහුවෙනුවෙන් ඉදිරිපත් නොවී, තම පක්ෂයෙන් ඉදිරිපත් නොවූ ජනපතිවරයා තම පක්ෂයේ සභාපති ලෙස නිදහස් පක්ෂයේ නියෝජිතයන් විසින් තෝරාපත් කරගනී. ඊට ඔවුන් උපයෝගී කරගන්නේ, හිටපු ජනපතිනිය එළවා දැමීම සඳහා එම පක්ෂය විසින්ම සකස්කල පක්ෂ ව්‍යවස්ථාවයි.

එහි සඳහන් වන ආකාරයට ජනපතිවරයෙකු වූ පමණින් ඕනෑම නිදහස් පාක්ෂිකයෙකුට නිදහස් පක්ෂ‍යේ සභාපතීත්වය හිමිවෙයි.

හිටපු ජනපති වෙනුවෙන් ඉදිරිපත් වන කිසිවෙකු නිදහස් පක්ෂයේ මෙම ඇල්මැරුණ දෙබිඩි පිළිවෙත  ප්‍රශ්න නොකරයි.

නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්ද වහින් ඔරෝ භාෂාවෙන් පවසන්නේ පසුගිය ආණ්ඩුවේ දූෂණ කටයුතු සිදුවු බවත් ඒවාට නීතිය ක්‍රියාත්මක කල යුතු බවයි.

-------------------
පරාජිතයන් එසේවන විට ජයග්‍රාහී පිරිස හැසිරෙන ආකාරයද ප්‍රශ්නාර්ථයකි. දින සියය යටතේ සහන මල්ලක් ලබා දීමට පොරොන්දු වුවත්, සහන ලබා දීමට භාණ්ඩාගාරයට මුදල් එන ක්‍රමයක් නොමැත. ඒ මුදල් රොබින් හුඩ් ක්‍රමයකින් නැතහොස් සරදියල් ක්‍රමයකින් ලබා ගැනීම මුදල් අමාත්‍යවරයා ක්‍රියාත්මක විය.

සිදුවූ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමද ඇල්මැරුණ ස්වභාවයක් ගෙන ඇත. ඒ ඊට සරිලන යාන්ත්‍රණයක් නොමැතිවීම මෙන්ම, විශ්වසනීයත්වය ගැන අපැහැදිලිතා තිබීම විය හැක. ව්‍යවස්ථා වෙනස සිදුකිරීමට නම් පාර්ලිමේන්තුවෙන් බහුතරය අවශ්‍යය. බහුතරය ලබා ගැනීමට නම් විපක්ෂය තරහ කරනොගත නොහැක. සිදුවූ මහා පරිමාණ දුෂණ ඇස්පනාපිට පෙනෙන්නට තිබුණත් ක්‍රියාත්මක වීමට කොන්ද පණ නැත් තේ ඒ හේතුව නිසා විය හැක.පොලු පහර වැරදුණ නයා දරුණු විය හැකි බවට ආණ්ඩු පක්ෂය සිතා සිටිනවාට සැක නැත.

නයා තරහ කරගත්විට පවතින ක්‍රමය දින සියයෙන් අහවර වනු ඇත. එළඹෙන මැතිවරණයේදී ව්‍යවස්ථාව සකසා ගැනීමට චන්දය ඉල්ලා සිටිය නොහැක. කිසිදු කොමිසමක් නැතත්. ස්වාධීනත්වයට හෙණ ගැසුවත්, ජනතාව සිටින්නේ කෙනෙකු පත්කරන්නට හා තවත් කෙනෙකු එලවා දැමීමටයි.

අනාදිමත්කල සිට පැවත එන පක්ෂ දේශපාලනය වෙනස් කිරීමට කාලය උදාවී තිබුණත්, බඩගෝස්තරවාදී ජනතා නි‍යෝජිතයන් හේතුවෙන් එය සිදුකිරීමේ අවසන් අවස්ථාවද ගිලිහෙමින් පවතී.

අලි වැ‍ටක් තනාගැනීමට, ගෙට පනින ග්‍රීස් යකා පැන්නීමට ජනපතිතුමාගේ මැදිහත් වීමම අපේක්ෂාකරන සමාජයක් නිර්මාණය වී තිබූ වපසරියක. රටක අනාගතය තීරණය වන ස්වාධීන ක්‍රමවේදයක් ඇති නොවනු ඇත.

ස්වාධින පොලීසියක්, මැතිවරණ ක්‍රමයක්, අල්ලස් කොමිසමක්, අධිකරණ පද්ධතියක් හා රාජ්‍ය‍ සේවයක් තිබීම වරදක්ද,  සෑම සියලුදේටම ප්‍රදේශයේ දේශපාලකයා පසුපස යෑම අත්‍යාවශ්‍යද?

ලෝක ප්‍රජාව රටක යහපැවැත්ම සඳහා තම කතිරය යොදාගන්නා කාලයක, තම හිතමිතුරන් හා හිතාදරයන් රජගෙට දැක්කීම තවදුරටත් මෙරට වැසියන් සිදුකරමින් සිටී.

නුගේගොඩ මහින්දාගමනයට නන්දෙසින් තම පුද්ගලික මුදල් වැයකරමින් ජනතාව පෙල ගැසෙන්නේ එ් හේතුවෙනි, නිදහස් පක්ෂය හා මහින්ද නැති මහින්දාගමනයෙන් ඇති ඵලය කිම.

මෙවර මෛත්‍රී ජනපතිවූයේ ඔහු හෝ ඔහුගේ චරිතය නිසා නොව පැවති පාලන ක්‍රමය අවසන් කිරීමට බහුතරය තුළ තිබූ අවශ්‍යතාව නිසාය. විපක්ෂය මිලියන දෙකක චන්දය වැඩිපුර ලබා ගනිද්දී හිටපු ජනපතිට අඩුවන්නේ චන්ද ලක්ෂ පහක් පමණි. නමුත් ඔහුට පරාජය වීමට සිදුවිය. ඒ ලංකා ඉතිහාසයේ පරාජය වූ එකම රාජ්‍ය නායකයා ලෙසයි.

ඉන්දියාව කොංග්‍රසය එලවා නරේන්ද්‍ර මෝදී පත්කරන්නේද, නරේන්ද්‍ර මෝදි එලවා දිල්ලි ජනතාව කෙජ්‍රවාල් පත් කරගන්නේද වෙනස හා දූෂණය අවසන් කිරීමේ අවශ්‍යතාව නිසාවෙනි. සිදුවන්නේද? සිදුකල හැකිද? ඊට සරිලන යාන්ත්‍රණයක් තිබේද? නයාට ගසා පොල්ල වරද්ද ගන්නවාද යන්න ඉදිරියට පැණ නගින ගැටලු අතර ‍වනවාට සැක නැත.

-----------------------------------
බල හුවමාරුවෙන් පසුව, බහුතරක් රටෙන් මිලියන 5.7 ක් බයියන් ලෙස සලකන්නේ තමන්   පට්ට පොෂ් ටොයියන් ලෙස ආරූඪ කරගනිමින්. දේශද්‍රෝහීන්, බෙදුම්වාදීන්, ගැත්තන්, ලොල්ලන්, රූකඩ, පිම්පියන් එකී නොකී පිරිස් බිහිවන්නේ මේ වටපිටාව යටතේයි.

එකිනෙකාට ඇඟිලි දික්කරගන්නා ඔවුන් ඔවුන් ඉන් ඔබ්බට ඔවුන්ට ඇති වගකීම ගැන හැඟීමක් නැති සේය.

මේ සංක්‍රාන්ති සමයේ සිදුකල යුත්තේ බළලුන් ලවා කොස් ඇට බා ගැනීමයි.. ඒ තමන් වෙනුවෙන් නොව රට වෙනුවෙන් කොස් ඇට බා ගැනීමයි.

ඒ ප්‍රධාන ප්‍රවාහයන් දෙකම, සංක්‍රාන්ති සමයකට එළඹ සිටීම නිසාවෙනි.

මහමැතිවරණයේදී රජුන්වීමට පක්ෂ දේශපාලකයන් නැටුම් නටද්දී ව්‍යවස්ථා වෙනසක්, චන්ද්‍රක්‍රමයේ වෙනසක් හා ස්වාධීන කොමිසම් සභා බලාත්මක කරගැනීමට අමතරව, රටේ ආර්ථික ඝාතකයන් දඟගෙට  තල්ලු කිරීමට මෙම කාලය යොදාගත යුතුය. ඊට ඔවුන් පෙළඹවිය යුතුය.

එසේ මෙසේ කෙසේ කීවත්, මීළඟ මැතිවරණයෙන් පසුව කවුරුන් පත්වුවද, මේ රටට නැවතත් කණකොකා අඬනවා නොඇනුමානය...

මේ අතර, දේශපාලන අනාථයන් පිරිසක් පක්ෂ විපක්ෂ ලෙස දෙපිළ ගැසී ජනතාව නොමග යවමින් සිටිනු ඇත. ඔවුන් ගැන තිරණය කිරීමද කතිරයට භාරයි.










Comments

Popular posts from this blog

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

Received an amazing birthday gift - It's you & your kind wishes

Another year has passed, another digit added to my age, time sure does fly. I would like to thank each and every one of you for your lovely wishes, and in return would like to wish you all the success and happiness throughout the future. Realized the power and extent of social networking when it came to my birthday. I don’t think I have ever received as many wishes. Hello my friends, just a quick note tonight to say thank you for all your Wishes. It filled my heart with joy to read all of your kind words. I had a wonderful day and I am still enjoying, Thanks a lot, you all are so special to me and your wishes too. I can’t believe I have to wait another year to hear such sweet things again. Once again i thank all of you for this compliment and the wonderful wishes, I will never ever forget this. I tried to attend & reply each and every wish faithfully, and also urge forgiveness if missed by any mistake. Facebook Wishes Twitter Wishes ...............

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...