Skip to main content

Posts

Showing posts with the label sinhala

නෙළුම් කුළුණ - ප්‍රෞඩ වූ ණය කුළුණ

ඇමරිකානු ඩොලර් මිලියන 104 කට ආසන්න වියදමකින්   දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙස නෙළුම් පොහොට්ටුවක හැඩය ගත්, නෙළුම් කුළුණ ඉදිවේ. අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක. මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ   මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ. මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත. මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි. ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ. වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත. තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ. අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට...