අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක.
මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ.
මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත.
මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි.
ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ.
වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත.
තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ.
අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට අත්‍යාවශ්‍ය වන්නේ මෙවැනි හරසුන් විච්චූරණ සංවර්ධනයක් බව පසක් කරගත් පාලකයින් සිටීම රටක වාසනාවකි.
රජරට ගොවිජනතාවට ගබඩා පහසුකම්, ජලය හා අත්‍යාවශ්‍ය වූ යටිතල පහසුකම් නොසලසන, දුගී දුප්පත් කමින් මිරිකෙන ජනතාවට, ජීවන මගක් නොසලසන, යහපත් මගී ප්‍රවාහණ සේවයක් නොසලසන පාලකයන්ට අත්‍යාවශ්‍යව ඇත්තේ කැරකෙන අවන්හලක සිට වායු දූෂණයෙන් දුම්වලා නැගෙන කොලොම්පුර සිරි නැරඹීමයි.
දුක යනු අප මේ පුහු අටෝපය දිහා බලාගෙන ආඩම්බර වීමයි.
Comments
Post a Comment