Skip to main content

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල


පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි.




අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා.

ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා.








සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා. 



දෙවැනි දිනයේදී අප නැවත මහසෙන් විද්‍යාලය වෙත ගමන් කලේ, අපට භාරවූ කටයුත්ත ආරම්භ කිරීමටයි, එදින පාසල් දරුදැරියන් රැසක් පැමිණ සිටියා. ප්‍රථමික විද්‍යාලයක් වීම හේතුවෙන්, කුඩා දරු දැරියන් රැසක් කෙලිදෙලෙන් ක්‍රීඩා කරමින් කාලය ගත කලේ, තමන් වෙන්වෙන් නවීකරණය වන ගොඩනැගිල්ල ගැන හාංකවිසියක් නොදන වූවාට සැක නැහැ. 

පසුදින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුදැරියන් වෙනුවෙන්, පිරිත් දේශනයක් ද සංවිධානය කර තිබුනා. 


ගරා වැටෙමින් තිබෙන මෙම ගොඩනැගිල්ල තව නොබෝදිනකින් නැවත ප්‍රකෘති තත්වයෙන්, නවීකරණය වනු ඇත. එදාට මේ සිගිත්තන් පන්තිකාමර සාදාගෙන නව ආරම්භයක් ලබා ගනු ඇත. ගම්මැද්ද 100 වැඩසටහනේ අරමුණ එයයි. ඊට සම්බන්ධ වීමට
හැකිවීම ගැන සියුම් ආඩම්භරයක් මාතුළ ඇත, පුහු අරමුණු වෙනුවෙන් කාලය වැය නොකර, මෙවන් කාර්යයක් වෙනුවෙන් කාලය හා ශ්‍රමය හැකි ලෙසින්, කැප කිරීමට හැකිවීම ගැනද සතුටු විය හැකිය. කෙනෙකු සමාජ සේවා ක්‍රියාවලින් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වද්දී තවත් පිරිසක් එක දමා ගැනීමට මෙවන් කාර්යයන් වල නිරත වේ. ඒ සැමට වඩා ආත්ම තෘප්තිය වෙනුවෙන් මෙවැනි කාර්යයන් සඳහා දායක වීමට හැකිවීම ගැන මා සතුටු වෙමි. මෙවන් වටපිටාවක් සකසා දෙමින් පොතේ පතේ දැනුමට වඩා එහා ගිය අත්දැකීම් සමුදායක්, වගේම  අත්දැකීමක් ගොන්නක් ලබාදීම ගැන අප ආයතනයට ස්තූතිවන්ත විය යුතුයි. 

යුද්ධයෙන් බැටකමින් සිටි දැන් අලින්ගෙන් හා වකුගඩු ව්‍යාසනයෙන් බැටකන වැලිකන්දට ගිය ගමන 


...




























Comments

Popular posts from this blog

ගම්මැද්ද බ්ලොග්: වකුගඩු රිදුම් දෙන හම්බෙගමුව වැසියෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, හම්බෙගමුවට ගම්මැද්ද කණ්ඩායම යන විට ඔවුන්ට, බරපතල ගැටලුවක්ව පැවතියේ පිරිසිදු ජලයයි. ​ ඔවුන් සියල්ලන්ගේම වාගේ  මුවග රැඳුනේ, " වතුර නැහැ, හරි කිවුලයි, මේව බිව්වොත් ඉවරයි, වෙන මොනව කරන්නද පිපාසෙ ඉවසන්නත් බැහැනෙ. "  යන වදන්.. ඒ අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් මූලිකත්වය හිමිවුනේ ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් වෙතයි.  හම්බෙගමුවටම ආභරණයක් වූ හම්බෙගමුව ද්විතීයික පාසලේ දී ආරම්භ කල පළමු ව්‍යාපෘතිය අවසන් වුනේ අවට ගම්මාන රැසක ජනතාවට සැනසුම් සුසුම් ඉතිරි කරමින්. හම්බෙගමුව පාසලේ ව්‍යාපෘති ආරම්භය කණ වැකුනු ජනාධිපති වරයා හම්බෙගමුව ගම්මානයටම පිරිසිදු ජලය ලබා දීමට පියවර ගත්තේ, අවට ප්‍රදේශය ගිලිමින් සිටි වකුගඩු මාරයාට අභියෝගයක් එල්ල කරමින්. වකුගඩු මාරයා ... සෑම පවුලකම එක් වකුගඩු රෝගියෙකු හෝ සිටීම හේතුවෙන්  හම්බෙගමුව ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට වකුගඩු රෝග එතරම්, ආගන්තුක නැහැ. බැර ලෝහ අයන වලින් ගහන ජලය ඊට හේතුවයි. ජල පිරිපහදු කට්ටල සවිකිරීම මීට පිළියමක් නොවුනත්, යම් තාක් හෝ අස්වැසිල්ලක් ඉන්  මේ ජනතාවට හිමිවනු නොඅනුමාන...

Blogged #Gammadda - සල්ලි එපා වන්දි එපා මාලුයි ඕන...

මේ කතාව මට නුපුරුදුයි...  සල්ලි ඉල්ලන වන්දි ඉල්ලන රජයට බනින මිනිස්සු ඉන්න රටේ මේ වගේ ඉල්ලීමක්... අම්පාර පොතුවිල් වලට ළඟ රොට්ටේ ප්‍රදේශයේ පෞරාණික කොවිලක් අසලට ගිය විට කෙනෙක් ඇවිත්...  සර් පොඩි ප්‍රශ්නයක් තියනව. ඇවිල්ල බලනවද ඇහුව..  ප්‍රශ්න නැත්තෙ කාටද යමුකො බලන්න.. මඩ වතුර පිරුණු වැවක් ළඟ ධීවරයන් පිරිසක් අමුතු කතාවක් කියන්න වුණා... "මේ වැව දැන් හිඳිල, මේ වටේට ලොකුවට කරන කුඹුරු තියනව. මේ ගමේ අයට කුඹුරු අක්කර භාගයක් තියා එදා වේල කන්න සල්ලි නෑ. මේ හැම පවුලම රැකෙන්නෙ වැවෙන් අල්ලන මාලු වලින්. අපිව මාලු අල්ලන මිනිස්සු නිසා ගණන් ගන්නෙත් නෑ" අපි සංගමයක් විදියට එකතුවෙලා වැහි කාලෙ අාපු ගමන් මාලු පැටව් සල්ලිවලට අරන් වැවට දානව. ඒ මාලු ලොකු උණාම අල්ලනව ඒත් ලොකු දැල් දාල. මොකද මාලු පැටව් පරිස්සම් කරගන්න ඕන.  දැන් අවුරුදු දෙකක් තිස්සෙ පෑවිල්ල. ඒ මදිවට තියන වතුර සේරම කුඹුරුවලට ඇරල මාලුන්ට ජීවත්වෙන්න බෑ. වැව හිඳෙද්දි මාලු මැරෙනව. ලුණු ගතිය වැඩි වෙනව. දැන් කොක්කුයි පිට රටෙන් ඇවිල්ල ඉන්න කුරුල්ලොයි ඉතුරු මාලු පැටව් කනව. මේ අවුරුද්දම ඉවරයි. අපේ ගෑණුන්ගෙ කණ...