Skip to main content

Blogged: #Gammadda හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..

නදීෂාන් ඇයි බන් දැන් මැච් එකකවත් පේන්න නැත්තෙ. කොහෙද මේ රට වටේ යන්නෙ. ඕව බොරු වැඩ බං, මොකෝ චන්දෙවත් ඉල්ලන්න යනවද? ඔෆිස් වැඩ වලින් අයිස් ගහල වටේ යනවනෙ. 

මේ දිනවල මගෙන් අහන සමාන හා අසමාන ප්‍රශ්නාවලිය..



කුඩා කල ගම් බදව වාසය කලත් දැන් අප ‍ කොලොම්පුරේ ගෙන්දගම් පොළව සමග හැපෙමින්, ජීවන යුද්ධයේ නිරතවෙමින් සිටිනවා. අපි ලංකාව  සංසන්ධනය කරන්නේ යුරෝපය, අග්නිදිග ආසියාව හරි මධ්‍යම ආසියාව සමග. ඒ අදාල රටවල්වල ඇති දැවැන්ත සංවර්ධනය ලංකාවට නොපැමිණීම ගැන. දළ දේශීය නිශ්පාදනය සංඛ්‍යා අංක පෙන්නමින්  ලංකාවේ දේශපාලුවන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්, රට සංවර්ධනයේ මාවතට එන බව කියනව. 

ඒත් මේරටේ බහුතරයක්, එදිනෙදා කටයුතුවත් කරගැනීමට බැරිව, බීමට පිරිසිදු වතුර ටිකක්, ගමන් කිරීමට පාරක්, රෑට නිදහසේ නින්දක් නැතිව එදා වේල ටුවර්ස් ජීවිතයක් ගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද ?

වතු කම්කරුවන් හැමදාම කම්කරුවන් විය යුතුයි, ගොවියාගේ දරුවාද ගොවියෙකු, නාට්ටාමිවරයාගේ දරුවාට නාට්ටාමියෙකුගේම ජීවිතයම අවශ්‍ය බව සිතන රදළයන්, අත්මාර්ථකාමීන් වර්ථමානයේද සිටින බව ඔබ දන්නවාද? 

දිවයින පුරා ගොස්, අඩු වරප්‍රසාද ලබන පිරිසක් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට ලැබෙන අවස්ථාව නිසා  පුද්ගලිකව, මා මේ ක්‍රියාදාමයට ඉතා ආශාවෙන් හා හෘදයාංගමව සම්බන්ධවී සිටිනවා. අපි ට්‍රිප් යන්නෙ ෆන් එකට, පොළොන්නරුවට යන අපි ගල් විහාරෙ බලල, පරාක්‍රම සමූද්‍රයෙන් නාල ගමන අවසන් කරනවා. ඒත්, ඉන් කිලෝමීටර 20-25 ක් එපිට ඇති වැලිකන්ද, සිංහපුර වැනි ප්‍රදේශයක ජනතාව ජීවත්වීමට විඳින දුක ඒ ෆන් ට්‍රිප් එකේදී අපේ ඇස ගැටෙන්නේ නැහැ. දඹුල්ල යන අපි, විහාරයට ගිහින්, කණ්ඩලම හෝටලෙන් ලන්ච් අරන් හවස සීගිරිය නැගල, හබරණ නයිට් එකක් ගහල ආවට. ඊට කිලෝමීටර් 10ක් එපිට ගම්වල මිනිස්සු අලින්ට බයේ ගස්උඩ නිදාගන්නා, යන්න පාරක් නැතිව ලෙඩුන් මහමග මැරෙන බව දන්නෙ නැහැ. මහා මාර්ග හයිවේ ටයිප් එකෙන් නිර්මාණය වුණාට මේරටේ අතුරු මාර්ග, තාමත් වාරිමාර්ග විදියට තියෙන රටක් කියන එක අපි ගෙවන ආටිෆිෂල් ලයිෆ් එකට පේන්නෙ නැහැ. මට මොකුත් කරන්න බැරි වුණාට, අඩුම ගානෙ, මේක මෙහෙම රටක් බව වත් හඳුනා ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තිබීම ගැන මට ඇත්තේ සතුටක්. 

අද (28) බලංගොඩ සිට කිලෝමීටර් 15ක් ඇතින් ඇති, වල්ලව ගමට අපි යන කොට ඇතිවුනේ ඉතා සතුටක්, සෞම්‍ය කාළගුණය, කුඩා දිය ඇළි හා දොළ පාරවල්, විශාල තේවතු. නමුත් කිසිවෙකු නොදකින අමුතු ලෝකයක් ඉන් වැසී තිබුණ බව දැක්කෙ ඉන් පසුවයි. වතු පාලකයන් ඔවුන්ගේ ජලයෝජනා ක්‍රමයෙන් පිරිසිදු ජලය තම කම්කරු සේවකයන්ට ලබා දුන්නේ දවසට පැය 4යි, ඇල දොළ කොතරම් තිබුණත්, අපද්‍රව්‍ය මුසුවෙච්ච, රසායන ද්‍රව්‍ය මුසුවෙච්ච ජලය භාවිතය අනතුරු දායක තත්වයක තිබුණු බව දැන ගත්තේ, ඒ ජීවිතයට එබුණට පස්සෙයි.

ගම්මැද්ද වැඩසටහනෙන් අපි ගම්මාන පහකට පිරිසිදු ජලය ලබා දීමේ ක්‍රමයක් නිර්මාණය කරත්, වතු පාලනාධිකාරය ඊට බාල්දි පෙරළුවේ, විවෘත කරන අවස්ථාවට සහභාගීවීමේ අවස්ථාව අහුරමින් තම සේවකයන්ට අතිරේක වැඩ ලබා දෙමින්. ඉන් ඔබ්බට ගොස් සමහරෙක්, තර්ජන එල්ල කිරීමට වගේම අල්ලස් ඉල්ලා සිටීමටද තෝල්කයන් යොමුකර තිබුණා. මෙහෙවු රටකට කිඳා බැසීමට ඇති අවස්ථාවක් විදියටත් මේ වැඩසටහන හඳුන්වාදෙන්න පුළුවන්.

මුන්ට පිස්සු, මුන්ට වැඩ නැහැ, මේවයින් රට හදන්න බැහැ කිව්වට කමක් නැහැ. වැඩකට නැති, පිස්සුවැඩේ කරල, රට හදන්න බැරි වුණාට, එක මනුස්සයෙක් එක්ක කතා කරන්න අවස්තාවක් ලබා ගන්න මේක හොඳ දෙයක් කියල මම හිතනව. 

හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..  






Comments

Popular posts from this blog

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

නෙළුම් කුළුණ - ප්‍රෞඩ වූ ණය කුළුණ

ඇමරිකානු ඩොලර් මිලියන 104 කට ආසන්න වියදමකින්   දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙස නෙළුම් පොහොට්ටුවක හැඩය ගත්, නෙළුම් කුළුණ ඉදිවේ. අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක. මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ   මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ. මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත. මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි. ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ. වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත. තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ. අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට...

Blogged #Gammadda - සල්ලි එපා වන්දි එපා මාලුයි ඕන...

මේ කතාව මට නුපුරුදුයි...  සල්ලි ඉල්ලන වන්දි ඉල්ලන රජයට බනින මිනිස්සු ඉන්න රටේ මේ වගේ ඉල්ලීමක්... අම්පාර පොතුවිල් වලට ළඟ රොට්ටේ ප්‍රදේශයේ පෞරාණික කොවිලක් අසලට ගිය විට කෙනෙක් ඇවිත්...  සර් පොඩි ප්‍රශ්නයක් තියනව. ඇවිල්ල බලනවද ඇහුව..  ප්‍රශ්න නැත්තෙ කාටද යමුකො බලන්න.. මඩ වතුර පිරුණු වැවක් ළඟ ධීවරයන් පිරිසක් අමුතු කතාවක් කියන්න වුණා... "මේ වැව දැන් හිඳිල, මේ වටේට ලොකුවට කරන කුඹුරු තියනව. මේ ගමේ අයට කුඹුරු අක්කර භාගයක් තියා එදා වේල කන්න සල්ලි නෑ. මේ හැම පවුලම රැකෙන්නෙ වැවෙන් අල්ලන මාලු වලින්. අපිව මාලු අල්ලන මිනිස්සු නිසා ගණන් ගන්නෙත් නෑ" අපි සංගමයක් විදියට එකතුවෙලා වැහි කාලෙ අාපු ගමන් මාලු පැටව් සල්ලිවලට අරන් වැවට දානව. ඒ මාලු ලොකු උණාම අල්ලනව ඒත් ලොකු දැල් දාල. මොකද මාලු පැටව් පරිස්සම් කරගන්න ඕන.  දැන් අවුරුදු දෙකක් තිස්සෙ පෑවිල්ල. ඒ මදිවට තියන වතුර සේරම කුඹුරුවලට ඇරල මාලුන්ට ජීවත්වෙන්න බෑ. වැව හිඳෙද්දි මාලු මැරෙනව. ලුණු ගතිය වැඩි වෙනව. දැන් කොක්කුයි පිට රටෙන් ඇවිල්ල ඉන්න කුරුල්ලොයි ඉතුරු මාලු පැටව් කනව. මේ අවුරුද්දම ඉවරයි. අපේ ගෑණුන්ගෙ කණ...