Skip to main content

Blogged: #Gammadda හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..

නදීෂාන් ඇයි බන් දැන් මැච් එකකවත් පේන්න නැත්තෙ. කොහෙද මේ රට වටේ යන්නෙ. ඕව බොරු වැඩ බං, මොකෝ චන්දෙවත් ඉල්ලන්න යනවද? ඔෆිස් වැඩ වලින් අයිස් ගහල වටේ යනවනෙ. 

මේ දිනවල මගෙන් අහන සමාන හා අසමාන ප්‍රශ්නාවලිය..



කුඩා කල ගම් බදව වාසය කලත් දැන් අප ‍ කොලොම්පුරේ ගෙන්දගම් පොළව සමග හැපෙමින්, ජීවන යුද්ධයේ නිරතවෙමින් සිටිනවා. අපි ලංකාව  සංසන්ධනය කරන්නේ යුරෝපය, අග්නිදිග ආසියාව හරි මධ්‍යම ආසියාව සමග. ඒ අදාල රටවල්වල ඇති දැවැන්ත සංවර්ධනය ලංකාවට නොපැමිණීම ගැන. දළ දේශීය නිශ්පාදනය සංඛ්‍යා අංක පෙන්නමින්  ලංකාවේ දේශපාලුවන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්, රට සංවර්ධනයේ මාවතට එන බව කියනව. 

ඒත් මේරටේ බහුතරයක්, එදිනෙදා කටයුතුවත් කරගැනීමට බැරිව, බීමට පිරිසිදු වතුර ටිකක්, ගමන් කිරීමට පාරක්, රෑට නිදහසේ නින්දක් නැතිව එදා වේල ටුවර්ස් ජීවිතයක් ගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද ?

වතු කම්කරුවන් හැමදාම කම්කරුවන් විය යුතුයි, ගොවියාගේ දරුවාද ගොවියෙකු, නාට්ටාමිවරයාගේ දරුවාට නාට්ටාමියෙකුගේම ජීවිතයම අවශ්‍ය බව සිතන රදළයන්, අත්මාර්ථකාමීන් වර්ථමානයේද සිටින බව ඔබ දන්නවාද? 

දිවයින පුරා ගොස්, අඩු වරප්‍රසාද ලබන පිරිසක් සමග ඔවුන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීමට ලැබෙන අවස්ථාව නිසා  පුද්ගලිකව, මා මේ ක්‍රියාදාමයට ඉතා ආශාවෙන් හා හෘදයාංගමව සම්බන්ධවී සිටිනවා. අපි ට්‍රිප් යන්නෙ ෆන් එකට, පොළොන්නරුවට යන අපි ගල් විහාරෙ බලල, පරාක්‍රම සමූද්‍රයෙන් නාල ගමන අවසන් කරනවා. ඒත්, ඉන් කිලෝමීටර 20-25 ක් එපිට ඇති වැලිකන්ද, සිංහපුර වැනි ප්‍රදේශයක ජනතාව ජීවත්වීමට විඳින දුක ඒ ෆන් ට්‍රිප් එකේදී අපේ ඇස ගැටෙන්නේ නැහැ. දඹුල්ල යන අපි, විහාරයට ගිහින්, කණ්ඩලම හෝටලෙන් ලන්ච් අරන් හවස සීගිරිය නැගල, හබරණ නයිට් එකක් ගහල ආවට. ඊට කිලෝමීටර් 10ක් එපිට ගම්වල මිනිස්සු අලින්ට බයේ ගස්උඩ නිදාගන්නා, යන්න පාරක් නැතිව ලෙඩුන් මහමග මැරෙන බව දන්නෙ නැහැ. මහා මාර්ග හයිවේ ටයිප් එකෙන් නිර්මාණය වුණාට මේරටේ අතුරු මාර්ග, තාමත් වාරිමාර්ග විදියට තියෙන රටක් කියන එක අපි ගෙවන ආටිෆිෂල් ලයිෆ් එකට පේන්නෙ නැහැ. මට මොකුත් කරන්න බැරි වුණාට, අඩුම ගානෙ, මේක මෙහෙම රටක් බව වත් හඳුනා ගන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තිබීම ගැන මට ඇත්තේ සතුටක්. 

අද (28) බලංගොඩ සිට කිලෝමීටර් 15ක් ඇතින් ඇති, වල්ලව ගමට අපි යන කොට ඇතිවුනේ ඉතා සතුටක්, සෞම්‍ය කාළගුණය, කුඩා දිය ඇළි හා දොළ පාරවල්, විශාල තේවතු. නමුත් කිසිවෙකු නොදකින අමුතු ලෝකයක් ඉන් වැසී තිබුණ බව දැක්කෙ ඉන් පසුවයි. වතු පාලකයන් ඔවුන්ගේ ජලයෝජනා ක්‍රමයෙන් පිරිසිදු ජලය තම කම්කරු සේවකයන්ට ලබා දුන්නේ දවසට පැය 4යි, ඇල දොළ කොතරම් තිබුණත්, අපද්‍රව්‍ය මුසුවෙච්ච, රසායන ද්‍රව්‍ය මුසුවෙච්ච ජලය භාවිතය අනතුරු දායක තත්වයක තිබුණු බව දැන ගත්තේ, ඒ ජීවිතයට එබුණට පස්සෙයි.

ගම්මැද්ද වැඩසටහනෙන් අපි ගම්මාන පහකට පිරිසිදු ජලය ලබා දීමේ ක්‍රමයක් නිර්මාණය කරත්, වතු පාලනාධිකාරය ඊට බාල්දි පෙරළුවේ, විවෘත කරන අවස්ථාවට සහභාගීවීමේ අවස්ථාව අහුරමින් තම සේවකයන්ට අතිරේක වැඩ ලබා දෙමින්. ඉන් ඔබ්බට ගොස් සමහරෙක්, තර්ජන එල්ල කිරීමට වගේම අල්ලස් ඉල්ලා සිටීමටද තෝල්කයන් යොමුකර තිබුණා. මෙහෙවු රටකට කිඳා බැසීමට ඇති අවස්ථාවක් විදියටත් මේ වැඩසටහන හඳුන්වාදෙන්න පුළුවන්.

මුන්ට පිස්සු, මුන්ට වැඩ නැහැ, මේවයින් රට හදන්න බැහැ කිව්වට කමක් නැහැ. වැඩකට නැති, පිස්සුවැඩේ කරල, රට හදන්න බැරි වුණාට, එක මනුස්සයෙක් එක්ක කතා කරන්න අවස්තාවක් ලබා ගන්න මේක හොඳ දෙයක් කියල මම හිතනව. 

හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..  






Comments

Popular posts from this blog

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...