Skip to main content

විඩාබර ගමනකින් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම බ්‍රසීලයට ළඟා වෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔළිම්පික් ක්‍රීඩා උළෙලට මෙවර ක්‍රීඩකයන් හත් දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගීවේ. බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර පැවැත්වෙන ක්‍රීඩා උළෙල අනිද්දා (6) මෙරට වේලාවෙන් පෙරවරු 4.00 ට නිළ වශයෙන් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 දෙනෙකු මෙරටින් පසුගිය සඳුදා බ්‍රසීලය බලා ගමන් ගත් අතර, ඔවුන් ඊයේ (3) මෙරට වේලාවෙන් පෙරවරු 9ට පමණ බ්‍රසීලයට ලඟා වී ඇත. ගුවන් යානා තුනක පැය 38 කට අධික කාලයක් ඒ සඳහා ඔවුන් ගතකර ඇත. මේ දිනවල රියෝ නුවර කාළගුණය සෙල්සියස් අංශක 22ක් පමණ වන බව වාර්තා වන අතර, එය ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කිමිකෝ රහීම් පසුපස ආර පිහිණුම් ඉසව්වෙන්, ලබන 7 වැනි දා පළමු වැන්නා ලෙස තරග බිමට පිවිසීමට නියමිතයි. ඇයගේ  මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9ට පමණ ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන කාල සටහන.

කිමිකෝ රහීම් - පසුපස ආර 100 - 7 වැනි දා - පැය  21.30 (මූලික වටය) 
සුදේෂ් පීරිස් - බර ඉසිලීම - 62 කිලෝ - 8 වැනි දා - පැය 18.30 (අවසන්) 
චාමර නුවන් - ජූඩෝ - 73 කිලෝ - 8 වැනි දා - පැය 19.30
                      (අවසන් 64 - නිතරග ජය)  අවසන් 32 වටය

මංගල සමරකෝන් - වෙඩි තැබීම -10 මීඑයාර්රයිෆල් - 8වැනිදා -
                      පැය 1730  (මූලික වටය) 

මැතිව් අබේසිංහ - පිහිණුම් 100 නිදහස් - 9 වැනිදා - පැය 21.30
                     (මූලික වටය) 

නිලූක කරුණාරත්න - බැඩ්මින්ටන් - 11වැනිදා - 18.00 පැය -
                     චීනයේ චෙන් ලොංග් 

දෙවරක් ලෝක ශුරතාවට හිමිකම් කී චෙන් ලොංග් ශ්‍රේණිගත කිරීම්හී දෙවැනි ස්ථානයේ පසුවන ක්‍රිඩකයා වන අතර, නිලූක පසුවන්නේ 94 වැනි ස්ථානයේය.
                                                   - 13 වැනිදා - 04.00 පැය  

                                                   - 15 වැනිදා - 00.25 පැය



මංගල සමරකෝන් - වෙඩි තැබීම -50 මී එයාර්රයිෆල් ප්‍රෝන් -
                           12 වැනිදා - පැය 17.30 (මූලික වටය) 

නිලූකා රාජසේකර - මැරතන් කාන්තා - 14 වැනිදා - 18.00 පැය 
සුමේද රණසිංහ - හෙල්ල විසිකිරීම - 18 වැනි දා - 17. 00 පැය
                         (මූලික වටය) 


අනුරාධ ඉන්ද්‍රජිත් - මැරතන් පිරිමි - 21 වැනිදා - 18.00 පැය 

පුද්ගලිකව ඉහළම දක්ෂතා පෙන්වමින් ශ්‍රී ලංකා වාර්ථා අභිබවා යෑමට, ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පතමු.









Comments

Popular posts from this blog

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

අප්‍රේල් පළමුවැනිදා..

අප්‍රෙල් පළවෙනිද කියන්නෙ නිදහස් දිනේ වගේ දවසක්.. ඒක අමතක වෙන මිනිස්සුත් ඉන්නවනෙ.. Todays APRIL 1st

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...