Skip to main content

සිදුවූයේ කිම - ආර් ප්‍රේමදාස පිටියේ යකා නැටූ නොසන්ඩාලයන්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග කල තුන්වැනි තරගය අතරතුර අභාග්‍ය සම්පන්න සිදුවීම් සමුදායක් සිදුවීම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම්වල අවධානයට ලක්විය. එසේම එම සිදුවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට යාමෙන් සත්‍ය කරුණු ඉස්මතු නොවීමද අවධානයට ලක් කල යුතුය.


බොහෝ පිරිසක් තමන් දුටුදෙය මත සිට නිගමනයකට පැමිණ ඇති අතර, එය සත්‍ය විකෘති කිරීමක් ලෙසද දැක්විය හැක.

සිදුවූ ගැටුම මුල සිට දුටු පුද්ගලයෙකු මෙන්ම, සිදුවූ ආකාරය විමසා දැකබලාගනිමින් ගල් පහර මධ්‍යයේ, ක්‍රීඩංගණයෙන් පිටත ප්‍රදේශයේ සිදුවූ දෑ විමර්ශණය කල පුද්ගලයෙකු ලෙස සිදුවූ සිදුවීම සටහන් කිරීමට කැමැත්තතෙමි.

එහි දී සිදුවූයේ කුමක්ද ? 

පකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 316 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු කඩවු ස්වරූපයෙන් සිටි බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අනන්‍ය වූ ආකාරයෙන් තරග නැරඹීම එදිනද දක්නට හැකිවිය. බොහෝ පිරිසක් කලකට පසුව කොළඹ ක්‍රීඩා කරන තරගය නැරඹීමට තම හිතෛෂීන් සමග එක්වූයේ කණ්ඩායම ජයගනු නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය ගත කිරීමේ අවශ්‍යතාවයද සහිතව බවට අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී සිටි අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් පිරිසක් කලහකාරීලෙස හැසිරීම දැකගත හැකිවිය. එහි රැස්ව සිටි පිරිස පැවසුව පරිදි එය තමන් සහයෝගය දක්වන කණ්ඩායම වෙනුවෙන් නොව ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ට එරෙහිව ජයඝෝෂා නැගීමේ ප්‍රථිඵලයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය පල කල පිරිස සම්මච්චලයට ලක් කරමින් හැසිරුණ සුලු පිරිසක් හේතුවෙන් හට ගත් මෙම වියවුල් සහගත තත්වය අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා කිරීම දක්වා දුරදිග ගියේය. 




මීට තවත් එක් කාරණාවක් බලපාන බව පැවසෙයි, ඒ මෙරට වාසය කරන පිරිසගෙන සුළුතරයක් පකිස්තානයට සහයෝගය දැක්වීමයි.
නමුත් ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති කණ්ඩායමකට, ක්‍රීඩකයෙකුට හෝ පිරිසකට සහාය දැක්වීමේ අයිතිය ඇත. ප්‍රජතන්ත්‍රවාදිව බැලූ කලද ඒ සඳහා අවස්තාව ඇත. එහෙයින් එහි වරදක් නැත. නමුත් ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් සමච්චලේට හෝ අපහසුතාවට පත්කිරීම වරදකි...  

පොලිසියේ හා ආරක්ෂක අංශවල කාර්යභාරය ... 

ඔනෑම ක්‍රීඩා තරගයක් අතරතුර වි‍ටින් විට ශබ්ද විකාශන යන්ත්‍ර හරහා නිවේදනයක් නිකුත් කරයි. එහිදී කියවෙන්නේ ‍කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්‍ට හෝ ක්‍රීඩා ලෝලීන් අපහසුතාවට පත් කිරීමේ ක්‍රියා සඳහා ‍දායක නොවන ලෙසයි. එවැනි අවස්තාවක දී නීතිය ක්‍රියාත්මක කල හැකි බවත් නඩු පැවරිය හැකි බවත් පැවසේ. ආගම හා ජාතිය මූලික කරගනිමින් ‍ජයගෝෂා නැගීම වැනි දෑද ඊට අයත්. 

නමුත් දිගින් දිගටම එවැනි වැරදි සිදුවන මොහොතක ආරක්ෂක අංශ හැසිරුණ ආකාරය ගැන එහි සිටි පිරිසගේ විවේචන එල්ලවේ. 

ඇතිවූ නොසන්සුන් කාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සිදුවූයේ අදාල ප්‍රේකෂකාගාරවල සිටි ප්‍රේකෂකයන් පිරිසක් ඉන් ඉවත් කිරීමෙනි. එහිදී  පිරිසක් ප්‍රේක්ෂකාගාරයේ තරග නරඹමින් සිටි පිරිසට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමගින් තත්වය බරපතල තත්වයකට පත්විය. ප්‍රේක්ෂකාගාරවල පිරිස පෙරලා එල්ලකල ගල් ප්‍රහාරවලින් අවට නිවාස හා දේපොළ වලට හානිවීමෙන් අනතුරුව, අවට පිරිසද මෙම ගැටුමට මැදිහත් වූයේ අ‍ාරක්ෂක අංශ මෙම තත්වය පාලනය කිරීමට ගනුලැබූ උදාසීන ක්‍රියාපිලිවෙත හේතුවෙනි.

එහි ප්‍රථිඵලයක් ලෙස ක්‍රීඩා ලෝලීන් නීතිය අතට ගත් ආකාරය දැකගත හැකි විය. ප්‍රේක්ෂකාගාර සියල්ලේම පාහේ ක්‍රීඩා ලෝලීන් ගැටුම් ඇතිකරගනු දැකිය හැකි විය.

පසුව කැරලිමර්ධන ඒකකය හා අතිරේක පොලිසිය කැඳවූවත් ඔවුන්ටද මෙම තත්වය පාලනය කිරීම‍ට පහසුවූයේ නැත. ක්‍රීඩාංගණය අසලම ඇති දේවස්ථානයක වීදුරු ද ගල් ප්‍රහාරවලින් හානි වීම හේතුවෙන් මෙම සිදුවීම තවත් මානයකට තල්ලු කිරීමට පිරිසක් උත්සාහ දැරීය. ඒ ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් මෙය සිදුවූ බවයි. නමුත් අවට නවතා තිබූ වාහන විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබූ අතර, පිරිසකගේ නොමනා හැසිරීම බහුතරයක් අපහසුතාවට පත් කිරීම කරා ඇදි ගියේය.

පොලිසිය හා කැරලි මර්ධන ඒකක තත්වය පාලනය කිරීමට උත්සාහ කරන අතරතුර, ඉස්ලාමීය ප්‍රජාව වැඩියෙන් වාසය කරන ප්‍රදේශයේ දේවස්ථානයද ශබ්ධ විකාශ යන්ත්‍ර හරහා තත්වය පාලනය කරගැනීමට සහාය ‍වන මෙන් අවට පිරිසෙන් ඉල්ලීමක් කලේය. 

ඒ අනුව තත්වය සමතයට පත්වුවද,  එක් ගල් ප්‍රහාරයක් ක්‍රීඩාංගණය තුලට පතිත වීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කලේය. ඒවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී සිටීම හේතුවෙන්, රූපවාහිනියෙන් තරග නරඹමින් සිටි පිරිස අතරට, වරදි පණිවුඩයක් යොමුවූවාට සැක නැත. ඒ තරගයේ පරාජය දරාගැනීමට නොහැකිව ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයන් දෙසට ගල් ප්‍රහාර යොමුකරන ලෙසයි. නමුත් පැයකට පමණ සිදුවූ ගැටුමක් දුරදිග යෑමක් ලෙස කිසිවෙකු විශ්වාස ‍නොකරනු ඇත.




තත්වය ආරම්භයේදී පාලනය කිරීමට අපොහො‍සත්වූ ආරක්ෂක අංශ, තරගය නතර කිරීමෙන් පසුව ක්‍රීඩාංගණය පුරා යුහුසුලුව ගමන් කලේද, ප්‍රේකෂකයන්ගෙන් ක්‍රීඩකයන්ට තර්ජනයක් ඇති බව අඟවීමට දෝයි යමෙකුට සැකකල හැකිව තිබිණ. ඒ ඔවුන් එවැනි වටපිටාවක් සැකසීම හේතුවෙනි.


අවසානයේ ප්‍රේක්ෂකාගාරවල සිටි තරගය නැරඹීමේ ආසාවෙන් සිටි පිරිසටද ක්‍රීඩාංගණයෙන් ඉවත්වීම සිදුවූයේ ගෙවන ලද මුදලට තරගය අවසන් වන තෙක් නැරඹීමේ අවස්තාව අහිමිකරගනිමිනි. 

ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයෙන් ඉවත සිදුවන දෑ නොදැන ඊට බිය වී ක්‍රීඩංගණයෙන් ඉවත්වූ අතර, තවත් පිරිසකට පොලීසියේ බලකිරීම මත ක්‍රීඩාංගණයෙන් ඉවත්වීමට සිදුවිය. 

පැය භාගයකට පසුව තරගය නැවත ආරම්භ කලත්, ක්‍රීඩා ලෝලීන් අඩක් රහිතව පැවැත්වීමට සිදුවිය.

..............................................................

වරද කාගෙද... ? 

නීතිය ක්‍රියාත්මක කරන පිරිස ක්‍රීඩාංගණයක් තුල නීතිපටිපාටිය ‍නොදැන සිටීම හා සේවය නොසලකා හරිමින් ඔවුන්ද ප්‍රේක්ෂකයන් වීමේ ආදීනව මෙම තත්වයෙන් පෙන්නුම් කරයි.


ආරක්ෂක අංශවල සාමාජිකයන් ඉතා අලස ආකාරයෙන් ක්‍රීඩාංගණ ව‍ට‍ා අහුමුලුවල කල් මැරීම, ප්‍රේකෂකයන්ට රිසිසේ නීති රීති උල්ලංගණය කිරීමට ඉඩදීම වැනි කරුණු ‍හේතුවෙන් සිදුවීමට ගිය මහා ව්‍යසනයක් වැලකීම ගැන සතුටු වියයුතුය. මෙරට මාධ්‍ය හරහාද ඊට‍ වැඩි අවධානයක් යොමු නොකිරීමෙන් ජාතිවාදී ගැටුමක් දක්වා ඔඩු දිවීමේ හැකියාව පැවති මෙම ගැටලුව මේ ආකාරයෙන් අවසන් විය.

සුලුපිරිසකගේ ‍නොමනා හැසිරීම හේතුවෙන් මෙවැනි තත්වයක් හටගැනීම, තරගයේ ප්‍රථිඵලය හේතුවෙන් සිදුනොවූවක් බව ලොවට ඒත්තු ගැන්වීම ක්‍රීඩා‍ලෝලීන්ගේ යුතුකම හා වගකීමයි. එය අතිශෝක්තියක්‍ නොවන බවද, සම්පූර්ණ ලිපිය පරිශීලනය කලෙකුට තේරුම් යනවා නොඇනුමානය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි හතරක අවසන් තරගයට සුදුසුකම් ලබා පරාජය වූ කණ්ඩායමකි. ‍මෙම තරගයට සාපේක්ෂව බලන කල,  ප්‍රධාන තරග රැසක් පරාජයව ඇති කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ‍ක්‍රීඩා ලෝලීන් පරාජයෙදී මෙවැනි  ප්‍රතිචාරයක් නොදක්වන බව සහතික විය හැක. 

ක්‍රීඩකයන් හා වෘත්තීයවේදීන් කිහිපදෙනෙකුද මෙම සිදුවීම ගැව අදහස් පල කර තිබුණද, ඔවුන්ද ව්‍යාංගයෙන් වැරදි කරුණු යම් ආකාරයෙන් සමාජගත කල පිරිස අතරට ගත හැක.

මෙය සත්‍යවශයෙන්ම සිදුවූ සමස්ථ සිද්ධියේ සංක්ෂිප්තයයි.




Comments

Popular posts from this blog

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Received an amazing birthday gift - It's you & your kind wishes

Another year has passed, another digit added to my age, time sure does fly. I would like to thank each and every one of you for your lovely wishes, and in return would like to wish you all the success and happiness throughout the future. Realized the power and extent of social networking when it came to my birthday. I don’t think I have ever received as many wishes. Hello my friends, just a quick note tonight to say thank you for all your Wishes. It filled my heart with joy to read all of your kind words. I had a wonderful day and I am still enjoying, Thanks a lot, you all are so special to me and your wishes too. I can’t believe I have to wait another year to hear such sweet things again. Once again i thank all of you for this compliment and the wonderful wishes, I will never ever forget this. I tried to attend & reply each and every wish faithfully, and also urge forgiveness if missed by any mistake. Facebook Wishes Twitter Wishes ...............