Skip to main content

සිදුවූයේ කිම - ආර් ප්‍රේමදාස පිටියේ යකා නැටූ නොසන්ඩාලයන්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග කල තුන්වැනි තරගය අතරතුර අභාග්‍ය සම්පන්න සිදුවීම් සමුදායක් සිදුවීම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම්වල අවධානයට ලක්විය. එසේම එම සිදුවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට යාමෙන් සත්‍ය කරුණු ඉස්මතු නොවීමද අවධානයට ලක් කල යුතුය.


බොහෝ පිරිසක් තමන් දුටුදෙය මත සිට නිගමනයකට පැමිණ ඇති අතර, එය සත්‍ය විකෘති කිරීමක් ලෙසද දැක්විය හැක.

සිදුවූ ගැටුම මුල සිට දුටු පුද්ගලයෙකු මෙන්ම, සිදුවූ ආකාරය විමසා දැකබලාගනිමින් ගල් පහර මධ්‍යයේ, ක්‍රීඩංගණයෙන් පිටත ප්‍රදේශයේ සිදුවූ දෑ විමර්ශණය කල පුද්ගලයෙකු ලෙස සිදුවූ සිදුවීම සටහන් කිරීමට කැමැත්තතෙමි.

එහි දී සිදුවූයේ කුමක්ද ? 

පකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 316 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු කඩවු ස්වරූපයෙන් සිටි බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අනන්‍ය වූ ආකාරයෙන් තරග නැරඹීම එදිනද දක්නට හැකිවිය. බොහෝ පිරිසක් කලකට පසුව කොළඹ ක්‍රීඩා කරන තරගය නැරඹීමට තම හිතෛෂීන් සමග එක්වූයේ කණ්ඩායම ජයගනු නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය ගත කිරීමේ අවශ්‍යතාවයද සහිතව බවට අවිවාදයෙන් පිලිගැනීමට සිදුවේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී සිටි අවස්ථාවේදී ක්‍රීඩා ලෝලීන් පිරිසක් කලහකාරීලෙස හැසිරීම දැකගත හැකිවිය. එහි රැස්ව සිටි පිරිස පැවසුව පරිදි එය තමන් සහයෝගය දක්වන කණ්ඩායම වෙනුවෙන් නොව ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා ලෝලීන්ට එරෙහිව ජයඝෝෂා නැගීමේ ප්‍රථිඵලයකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට සහයෝගය පල කල පිරිස සම්මච්චලයට ලක් කරමින් හැසිරුණ සුලු පිරිසක් හේතුවෙන් හට ගත් මෙම වියවුල් සහගත තත්වය අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා කිරීම දක්වා දුරදිග ගියේය. 




මීට තවත් එක් කාරණාවක් බලපාන බව පැවසෙයි, ඒ මෙරට වාසය කරන පිරිසගෙන සුළුතරයක් පකිස්තානයට සහයෝගය දැක්වීමයි.
නමුත් ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති කණ්ඩායමකට, ක්‍රීඩකයෙකුට හෝ පිරිසකට සහාය දැක්වීමේ අයිතිය ඇත. ප්‍රජතන්ත්‍රවාදිව බැලූ කලද ඒ සඳහා අවස්තාව ඇත. එහෙයින් එහි වරදක් නැත. නමුත් ප්‍රතිවාදී ක්‍රීඩා ලෝලීන් සමච්චලේට හෝ අපහසුතාවට පත්කිරීම වරදකි...  

පොලිසියේ හා ආරක්ෂක අංශවල කාර්යභාරය ... 

ඔනෑම ක්‍රීඩා තරගයක් අතරතුර වි‍ටින් විට ශබ්ද විකාශන යන්ත්‍ර හරහා නිවේදනයක් නිකුත් කරයි. එහිදී කියවෙන්නේ ‍කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන්‍ට හෝ ක්‍රීඩා ලෝලීන් අපහසුතාවට පත් කිරීමේ ක්‍රියා සඳහා ‍දායක නොවන ලෙසයි. එවැනි අවස්තාවක දී නීතිය ක්‍රියාත්මක කල හැකි බවත් නඩු පැවරිය හැකි බවත් පැවසේ. ආගම හා ජාතිය මූලික කරගනිමින් ‍ජයගෝෂා නැගීම වැනි දෑද ඊට අයත්. 

නමුත් දිගින් දිගටම එවැනි වැරදි සිදුවන මොහොතක ආරක්ෂක අංශ හැසිරුණ ආකාරය ගැන එහි සිටි පිරිසගේ විවේචන එල්ලවේ. 

ඇතිවූ නොසන්සුන් කාරී තත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශවලට සිදුවූයේ අදාල ප්‍රේකෂකාගාරවල සිටි ප්‍රේකෂකයන් පිරිසක් ඉන් ඉවත් කිරීමෙනි. එහිදී  පිරිසක් ප්‍රේක්ෂකාගාරයේ තරග නරඹමින් සිටි පිරිසට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමගින් තත්වය බරපතල තත්වයකට පත්විය. ප්‍රේක්ෂකාගාරවල පිරිස පෙරලා එල්ලකල ගල් ප්‍රහාරවලින් අවට නිවාස හා දේපොළ වලට හානිවීමෙන් අනතුරුව, අවට පිරිසද මෙම ගැටුමට මැදිහත් වූයේ අ‍ාරක්ෂක අංශ මෙම තත්වය පාලනය කිරීමට ගනුලැබූ උදාසීන ක්‍රියාපිලිවෙත හේතුවෙනි.

එහි ප්‍රථිඵලයක් ලෙස ක්‍රීඩා ලෝලීන් නීතිය අතට ගත් ආකාරය දැකගත හැකි විය. ප්‍රේක්ෂකාගාර සියල්ලේම පාහේ ක්‍රීඩා ලෝලීන් ගැටුම් ඇතිකරගනු දැකිය හැකි විය.

පසුව කැරලිමර්ධන ඒකකය හා අතිරේක පොලිසිය කැඳවූවත් ඔවුන්ටද මෙම තත්වය පාලනය කිරීම‍ට පහසුවූයේ නැත. ක්‍රීඩාංගණය අසලම ඇති දේවස්ථානයක වීදුරු ද ගල් ප්‍රහාරවලින් හානි වීම හේතුවෙන් මෙම සිදුවීම තවත් මානයකට තල්ලු කිරීමට පිරිසක් උත්සාහ දැරීය. ඒ ජාතිවාදය හා ආගම්වාදය හේතුවෙන් මෙය සිදුවූ බවයි. නමුත් අවට නවතා තිබූ වාහන විශාල ප්‍රමාණයකට හානි සිදුව තිබූ අතර, පිරිසකගේ නොමනා හැසිරීම බහුතරයක් අපහසුතාවට පත් කිරීම කරා ඇදි ගියේය.

පොලිසිය හා කැරලි මර්ධන ඒකක තත්වය පාලනය කිරීමට උත්සාහ කරන අතරතුර, ඉස්ලාමීය ප්‍රජාව වැඩියෙන් වාසය කරන ප්‍රදේශයේ දේවස්ථානයද ශබ්ධ විකාශ යන්ත්‍ර හරහා තත්වය පාලනය කරගැනීමට සහාය ‍වන මෙන් අවට පිරිසෙන් ඉල්ලීමක් කලේය. 

ඒ අනුව තත්වය සමතයට පත්වුවද,  එක් ගල් ප්‍රහාරයක් ක්‍රීඩාංගණය තුලට පතිත වීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කලේය. ඒවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී සිටීම හේතුවෙන්, රූපවාහිනියෙන් තරග නරඹමින් සිටි පිරිස අතරට, වරදි පණිවුඩයක් යොමුවූවාට සැක නැත. ඒ තරගයේ පරාජය දරාගැනීමට නොහැකිව ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩකයන් දෙසට ගල් ප්‍රහාර යොමුකරන ලෙසයි. නමුත් පැයකට පමණ සිදුවූ ගැටුමක් දුරදිග යෑමක් ලෙස කිසිවෙකු විශ්වාස ‍නොකරනු ඇත.




තත්වය ආරම්භයේදී පාලනය කිරීමට අපොහො‍සත්වූ ආරක්ෂක අංශ, තරගය නතර කිරීමෙන් පසුව ක්‍රීඩාංගණය පුරා යුහුසුලුව ගමන් කලේද, ප්‍රේකෂකයන්ගෙන් ක්‍රීඩකයන්ට තර්ජනයක් ඇති බව අඟවීමට දෝයි යමෙකුට සැකකල හැකිව තිබිණ. ඒ ඔවුන් එවැනි වටපිටාවක් සැකසීම හේතුවෙනි.


අවසානයේ ප්‍රේක්ෂකාගාරවල සිටි තරගය නැරඹීමේ ආසාවෙන් සිටි පිරිසටද ක්‍රීඩාංගණයෙන් ඉවත්වීම සිදුවූයේ ගෙවන ලද මුදලට තරගය අවසන් වන තෙක් නැරඹීමේ අවස්තාව අහිමිකරගනිමිනි. 

ක්‍රීඩා ලෝලීන් පිරිසක් ක්‍රීඩාංගණයෙන් ඉවත සිදුවන දෑ නොදැන ඊට බිය වී ක්‍රීඩංගණයෙන් ඉවත්වූ අතර, තවත් පිරිසකට පොලීසියේ බලකිරීම මත ක්‍රීඩාංගණයෙන් ඉවත්වීමට සිදුවිය. 

පැය භාගයකට පසුව තරගය නැවත ආරම්භ කලත්, ක්‍රීඩා ලෝලීන් අඩක් රහිතව පැවැත්වීමට සිදුවිය.

..............................................................

වරද කාගෙද... ? 

නීතිය ක්‍රියාත්මක කරන පිරිස ක්‍රීඩාංගණයක් තුල නීතිපටිපාටිය ‍නොදැන සිටීම හා සේවය නොසලකා හරිමින් ඔවුන්ද ප්‍රේක්ෂකයන් වීමේ ආදීනව මෙම තත්වයෙන් පෙන්නුම් කරයි.


ආරක්ෂක අංශවල සාමාජිකයන් ඉතා අලස ආකාරයෙන් ක්‍රීඩාංගණ ව‍ට‍ා අහුමුලුවල කල් මැරීම, ප්‍රේකෂකයන්ට රිසිසේ නීති රීති උල්ලංගණය කිරීමට ඉඩදීම වැනි කරුණු ‍හේතුවෙන් සිදුවීමට ගිය මහා ව්‍යසනයක් වැලකීම ගැන සතුටු වියයුතුය. මෙරට මාධ්‍ය හරහාද ඊට‍ වැඩි අවධානයක් යොමු නොකිරීමෙන් ජාතිවාදී ගැටුමක් දක්වා ඔඩු දිවීමේ හැකියාව පැවති මෙම ගැටලුව මේ ආකාරයෙන් අවසන් විය.

සුලුපිරිසකගේ ‍නොමනා හැසිරීම හේතුවෙන් මෙවැනි තත්වයක් හටගැනීම, තරගයේ ප්‍රථිඵලය හේතුවෙන් සිදුනොවූවක් බව ලොවට ඒත්තු ගැන්වීම ක්‍රීඩා‍ලෝලීන්ගේ යුතුකම හා වගකීමයි. එය අතිශෝක්තියක්‍ නොවන බවද, සම්පූර්ණ ලිපිය පරිශීලනය කලෙකුට තේරුම් යනවා නොඇනුමානය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලි හතරක අවසන් තරගයට සුදුසුකම් ලබා පරාජය වූ කණ්ඩායමකි. ‍මෙම තරගයට සාපේක්ෂව බලන කල,  ප්‍රධාන තරග රැසක් පරාජයව ඇති කණ්ඩායමක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ‍ක්‍රීඩා ලෝලීන් පරාජයෙදී මෙවැනි  ප්‍රතිචාරයක් නොදක්වන බව සහතික විය හැක. 

ක්‍රීඩකයන් හා වෘත්තීයවේදීන් කිහිපදෙනෙකුද මෙම සිදුවීම ගැව අදහස් පල කර තිබුණද, ඔවුන්ද ව්‍යාංගයෙන් වැරදි කරුණු යම් ආකාරයෙන් සමාජගත කල පිරිස අතරට ගත හැක.

මෙය සත්‍යවශයෙන්ම සිදුවූ සමස්ථ සිද්ධියේ සංක්ෂිප්තයයි.




Comments

Popular posts from this blog

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.

Blogged: බයියන් - ටොයියන් - කබ්බන් හා රූකඩ අතර සිරවුන තරුණ චන්ද

එවකට නිදහස් පක්ෂය ලෙස පිරිසක් හිටපු ජනපති දිනවීමට දිවිහිමියෙන් කටයුතු කලේය. නමුත් අවසානයේ ඔහුට පරාජය වීමට සිදුවිය. නිදහස් පක්ෂයේම වුවත් එහි විරුද්ධ පක්ෂ හා කඳුවුරු බැඳි එවකට සෞඛ්‍ය ඇමතිවරයා ජනපති විය. පරාජිත පාක්ෂිකයන් හා ජයග්‍රාහී පාක්ෂිකයන් කාකොටා ගැනීම ආරම්භ කලේය. පරාජිත පාක්ෂිකයන් තම පරාජිත හැඟීම පිට කලේ, ‍ජාතිවාදය, යුද මානසිකත්වය, හා පුද්ගල චරිත පදනම් කරගනිමිනි. ඒ ඔවුන් එම තත්වයට පත්කල ජනතාවගේ නි‍යෝජිතයන් කියාගන්නා පිරිසක් හේතුවෙනි. ජයග්‍රාහී පාක්ෂිකයන්, සතුට භුක්තිවිඳීම ආරම්භ කලේ ජයග්‍රහණය සැමරීම පසෙකලා පරාජිතයන්ගේ හැඟීම් වලට පහර දෙමිනි. එයද මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසකගේ අවශ්‍යතා පිරිමැසීමක් විනා අන් කිසිවක් නොවේ. පරාජිතයන්, නැවත නැගී සිටීමට සියලු උත්සාහයන් දැරීම ‍ස්වාභාවිකය. ඒ අනුව නිදහස් පක්ෂය කටයුතු කරනවාද යන්න සැක උපදවයි. ඔවුන් එය පසෙකලා ජයග්‍රාහී පක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකිරීමට සෘජුව හා වක්‍රව වපසරිය සකසමින් සිටී. නැවත බලය තහවුරු කරගැනීමට ඇතැම් බලවේග පෙළගැසෙද්දී හිටපු ජනපතිවරයා තම ලේ දහඩිය වැයකල ප්‍රධාන පක්ෂය ඊට සහභාගීවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය. එසේ...

Why some Tweets Cannot RT via Web Base twitter...?

You may have experienced this error messege when trying retweet someones tweet via Twitter web base. "Your account may not be allowed to perform this action. Please refresh the page and try again." It shows asks that you to refresh and Re try. But the result will be same as earlier and the shortest option is to ignore what you trying. Reason : You get this error when you try to RT a long Tweet which included at least 130+ characters. As soon you click RT button it Auto adding the tweet owners Twitter Handle and "RT :" front of the related tweet. if the tweet doesn't meet required character space to fill it shows errors. As you know a single twit can contain only 140 characters Maximum. If you really need to use the statement Copy it, Remove unnecessary part and add the Owners Handle Manually and Tweet. Some 3rd Part Twitter Clients have editing option available to when you trying to RT a tweet and it will show how many characters exceeded.