Skip to main content

අපට ඉර හඳ එපා - නගරයට පාර පෙන්නන්න පාර හදා දෙන්න - කන්දල්ඔය ජනතාව

නිව්ස්ෆස්ට්, මෙහෙයවූ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දින 24කට පසුව අවසන් විය. සඳලු තලේ සිටිමින්  දෙනෙත් රහිතව, පෙනුනත් නොපෙනෙන, ඇසුනත් නෑසූ කන්ව සිටින පාලක පාලිකාවන්ගේ ඇස් ඇරවීමට මෙම ක්‍රියාන්විතය උදව්වූවාට සැක නැත. 



සෑම ශ්‍රී ලංකිකයාටම සම්පත් සමානව නොලැබී යාමට උදාහරණ දහස් ගණනක් එහිදී හමුවිය. මෙරට ඇතැම් මාර්ගවලට අනවශ්‍ය වියදමක් දරමින් සංවර්ධනය වද්දී, එදිනෙදා කටයුතු සිදුකරගැනීමට කෙසේ වෙතත්, අසාධ්‍ය ලෙඩෙක් නගරයට ගෙන යෑමට හෝ නිසි මාර්ග පද්ධතියක් නොමැති ගම්මාන සියගණනක් එහිදී හමුවිය. ගමේ චන්දයෙන් නගරයට පැමිණ ගම අමතක කරන දේශය පාලනය කරන්නන්, නැවත ගම්මානය දිහා නොබලන බවට එය කදිම උදාහරණයකි. 

දින 24ක ක්‍රියාන්විතයට දායකත්වය ලබා දුන් සහෘදයන් හා සසඳා බලද්දී මා අවාසනාවන්තය, ඒ, මට ඊට සම්බන්ධවීමට හැකිවුයේ දින 4ක් පමණක් වීම හේතුවෙනි. නමුත් ඒ කෙටි කාලයේ දී, අත්දැකීම් සම්භාරයක් රැගෙන පැමිණිමට හැකිවීම ගැන මාගේ සියුම් ආඩම්බරයක් ඇත.


යටියන්තොට සිට සීපෝත් දක්වා දිවෙන මාර්ගය

එම කාලයේදී,  අපගේ මුල්ම ගමනාන්තය වූයේ යටියන්තොට සිට කිලෝමීටර 33 ක පමණ දුරකින් පිහිටි සුන්දර පරිසරයකට හිමිකම් කී, කන්දල ඔය වත්ත ගම්මානයයි. යටියන්තොට සිට පටුමාර්ගයක ගමන් ගත් අපට සුවපහසුව ගමන් කල හැකි වූයේ කිලෝමීටර 25 ක පමණ දුර ප්‍රමාණයකි. සීපෝත් දක්වා වූ එම මාර්ගයේ පොදු ප්‍රවාහණ සේවයක්ද පැවතියද එතැන් සිට එය ක්‍රියාත්මක වන්නේ නැහැ. එතැන් සිට කන්දල ඔය වත්ත ගම්මානය දක්වා වූ මාර්ගය මාර්ගයකට වඩා සමාන වූයේ වාරිමාර්ගයකටයි, සිඳීගිය ඇල මාර්ගයක ගමන් කරන හැඟීමක් එම කඳුකර මාර්ගයේ ගමන් කිරීමේදී ඔනෑක අයෙකුට සිතෙනු නොඅනුමානය. 
කන්දලඔය වත්ත ප්‍රදේශය



සීපෝත් සිට කන්දලඔය දක්වා දිවෙන මාර්ගය
අපගේ  රථ පෙළ පැයකට අධික කාලයක, පරිශ්‍රමයකින් පසුව කන්දල ඔය වත්ත ගම්මානයට ළඟාවන විට, අවට පිරිස තම දෛයිනික රාජකාරීවලින් මිදී අප පිළිගන්නට එක්විය. ඒ, ඔවුන් අවට ලෝකයෙන් කොන්ව ජීවත්වන පිරිසක් වීම හේතුවෙන් විය හැක. නැතහොත් තේ දලු නෙලා, තම දරුපවුල් රැකගන්නා එම පිරිස සමග  දුක බෙදා ගැනීමට කිසිවෙකු නොපැමිනෙන නිසාවෙන් විය හැක. 

තේ වත්ත කැලෑ වැදීමට හැර ඇත.
රජයට අයත් තේ වතුයායක් කේන්ද්‍රගක කරගනිමින් නිර්මාණය වූ මෙම ගම්මානයට මේ කාලය උදාව ඇත්තේ, එම වතුයායද රජයේ ඇතැම් ආයතන මෙන් වල් වැදීමට හැර තිබීම හේතුවෙනි. එක් පසකින් යටියන්තොට නගරයත් අනෙක් පසින් නාවලපිටිය නගරයටත් මැදිව ඇති මේ සුන්දර ගම්මානයේ, වෙසෙන්නන්ගේ ජීවිතයද ඉතා සුන්දරය. ඔවුන්ට ලොකු බලාපොරොත්තු නැත. ඒ, ඔවුන් තිබෙන සීමිත සම්පත්වලින් සතුටින් ජීවත්වීමට හුරුව සිටීම හේතුවෙන් විය හැකිය. නමුත්, ලෙඩකට බෙහෙතක් ගැනීමට, තම දරුවා නගරයේ පාසලකට යැවීම, ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන තම බිරිඳ රෝහලකට ගෙන යෑම ඔවුන්ට හීනයක්. ජීවිතත් මරණයත් අතර සටන් කරන පුද්ගලයෙකු රෝහල වෙත ගෙනයන විට ඔහු මගදීම දිවිය හැර යනවා නො අනුමානය. 




ඒ, නිසි ප්‍රවාහන සේවයක් නොමැතිවීම හා නිසි මාර්ග පද්ධතියකින් ඔවුන්ව නගරයට ලංකිරීමට පාලනාධිකාරයට අවශ්‍යතාවක් නොවීමයි. අතීතයේ සිට පැවත එන හම්පුතා හා සේවකයා අතරවූ පරතරය අදටත් එසේම පැවතීම මීට හේතුවක් ලෙස දැක්වීමට හැක. හාම්පුතා තම සේවකයන් දියුණුවනවා දැකීමට කැමතිනැත. ඔවුන්ගේ දරුවන් පාසල් යනවා දැකීමට කැමති නැත. ඔවුන් සැමදා දිළින්දන් ලෙස තබා ගෙන තම අවශ්‍යතා සපුරා ගනිමින් අකාලයේ මියදෙනු දැකීම ඊට හේතුව විය හැක. 

මෑතක දී එම ගමේ පුද්ගලයෙකු බඹරෙකු දෂ්ඨ කිරීමෙන් මරුමුවට පත්ව තිබේ. ඒ, හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යෑමට නොහැකිවීම හේතුවෙන්. 

කන්දල් ඔය දමිළ විද්‍යාලයේ විදුහල්පතිවරයා.
අපට එහිදී විශේෂ දක්ෂතා ඇති දරුවන් පිරිසක් හමුවිය.   කන්දල ඔය වත්ත දමිළ විද්‍යාලයෙන් සිප් සතර හදාරන එම පිරිසට එම විද්‍යාලයේ විදුහල් පතිවරයාගේ උනන්දුවෙන් තල්ලුවක් ලැබී ඇත.

පාසලේ නමට ලබා දී ඇති මූලිකත්වය
මෙහි ප්‍රමාණයෙන් තීරණය කල හැක

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 180 ක් ඉගෙනුම ලබන මෙම පාසලට ඇත්තේ, ගොඩනැගිලි දෙකක් පමණි. සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන විද්‍යාලයේ ගුරුමණ්ඩලය 6 දෙනෙකි. තවත් තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන් තම සහෝදර සහෝදරියන්ට අකුරු කියා දීමට ඉදිරිපත්ව සිටි. ඔවුන් එම විද්‍යාලයේම සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හැදෑරු පිරිසක්.


 එම ගමට කිලෝමීටර 3 කට පමණ එපිට කඳු මුදුනේ පිහිටි ඉහළ  කන්දල ඔය වත්ත ප්‍රදේශයේ සිසු සිසුවියන්ද  සිප් සතර හදාරන්නේ මෙම පාසලෙනි. නමුත් ඔවුන් බොහෝදිනවලදී අත්දකින කටුක අත්දැකීමක්, එක් කුඩා සිසුවියක් අපූරුලෙස සටහන් කර තිබිණ. ඒ, චිත්‍රයකින්. දුෂ්කර ගමනකින් පසුව පාසල වෙත පැමිණෙන මෙම සිසු සිසුවියන්ට බොහොදිනවලදී වෙලාවට පාසලට පැමිණීමට ලැබෙන්නේ නැත. ඔවුන් බොහෝ දිනවලදී ඊට දඩුවම් විඳීම ඇය එම චිත්‍රයෙන් නිරූපණය කර තිබිණ. කුඩා මනසකට මෙම දුෂ්කරත්වය දැනී තිබුනේ ඒ ආකාරයටය.

ඔවුන්ගේ පළමු හා අවසන් ඉල්ලීම වූයේ, මේ වල ගොඩැලි සහිත මාර්ගය පිලිසකර දෙන ලෙසයි. එම ගම්මුන්ට විශාල අවශ්‍යතා නැත ඔවුන්ගේ එම ඉල්ලීම විසඳා දුනහොත් ඔවුන්ගේ ජීවිතය යම් ප්‍රමාණයකට හෝ ආලෝකමත් වනු ඇත. නගරයෙන් කොන්වූ, ලෝකයෙන් කොන්වූ එම පිරිස නගරයට ළං කිරීමට එය හොඳටම ප්‍රමාණවත්.


 ඡන්දයෙන් පසුව කොළඹ ගෙවල්ගෙන සඳලුතලවල සිටින අය, යටියන්තොට හරහා සැප ගැනීමට නුවරඑළිය යන ගමන්, මේ ගම්මානවලටත් ගොඩවෙලා යන්න... බැරිනම් ගෙදර යන ගමන් හරි ගොඩවෙලා යන්න... 

- නදීෂාන් මීඩින් - නිව්ස්ෆස්ට් 

අඳුර මැදින්, ලෝකයට එපා වූ පීතාව ගම්මානයට ගිය ගමන ..... 















Comments

Popular posts from this blog

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...