Skip to main content

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාලූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය.

මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ.

බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිරිහැරයක් නොවන අයුරිනි. ජාතික ශූරතා තරගාවලියක් බක් මහ උළෙලක් නොවේ. තරග පැවැත්වෙන අවස්ථාවක පදක්කම් ප්‍රධානය සිදුකිරීම මෙන්ම කටෝර ශබ්ද නිකුත් කරමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවික කරන්නේ නැත. අද මංජුලගේ තරගය අතරතුර ඔහු හා විනිශ්චයකරුවන්ගේ ඉල්ලීමද ඵල රහිත වූයේ සංදර්ශනය ක්‍රීඩාවට වඩා වැදගත් වූ නිසා විය හැක.

සංදර්ශනය පමණක් ඉතිරිව ක්‍රීඩාව විනාශ වී ගොස් අවසන්ය, අද මලල ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයාද ඉඟි කලේ, සංදර්ශන නවත්වා ප්‍රථිඵලයට වැඩි ඉඩක් ලබා දෙන ලෙස විය හැක.

අද අහිමි වුනේ මංජුලගේ ඔලිම්පික් වරම නොව ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකවන්ගේ කැප කිරීම දහඩිය මහන්සිය වෙනුවෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකුට ඔලිම්පික් නියෝජනය ට තිබූ අවස්ථාවයි.


ඔහුට එය අහිමි වූයේ නැත, සියලු බළධාරීන් එක්ව එය රටට අහිමි කලා. ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට අනාගතයේදී මංජුල හොඳ උදාහරණයක්.


ඔහුට මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම ඔවුනට හිමිවිය යුතුව තිබූ වටිනාකම නොලැබිණ. එසේ ලැබුනේ නම්, අද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නට අඩු තරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හො එක්කරගැනිමේ හැකියාව තිබිණ. දුවන්න ක්‍රීඩාංගණයක් නොමැති අවස්ථාවක එතෙර අවස්ථා කිහිපයක් හෝ ලබා දීමට අවධානය යොමු නොවීය.






Comments

Popular posts from this blog

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Blogged: බයියන් - ටොයියන් - කබ්බන් හා රූකඩ අතර සිරවුන තරුණ චන්ද

එවකට නිදහස් පක්ෂය ලෙස පිරිසක් හිටපු ජනපති දිනවීමට දිවිහිමියෙන් කටයුතු කලේය. නමුත් අවසානයේ ඔහුට පරාජය වීමට සිදුවිය. නිදහස් පක්ෂයේම වුවත් එහි විරුද්ධ පක්ෂ හා කඳුවුරු බැඳි එවකට සෞඛ්‍ය ඇමතිවරයා ජනපති විය. පරාජිත පාක්ෂිකයන් හා ජයග්‍රාහී පාක්ෂිකයන් කාකොටා ගැනීම ආරම්භ කලේය. පරාජිත පාක්ෂිකයන් තම පරාජිත හැඟීම පිට කලේ, ‍ජාතිවාදය, යුද මානසිකත්වය, හා පුද්ගල චරිත පදනම් කරගනිමිනි. ඒ ඔවුන් එම තත්වයට පත්කල ජනතාවගේ නි‍යෝජිතයන් කියාගන්නා පිරිසක් හේතුවෙනි. ජයග්‍රාහී පාක්ෂිකයන්, සතුට භුක්තිවිඳීම ආරම්භ කලේ ජයග්‍රහණය සැමරීම පසෙකලා පරාජිතයන්ගේ හැඟීම් වලට පහර දෙමිනි. එයද මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසකගේ අවශ්‍යතා පිරිමැසීමක් විනා අන් කිසිවක් නොවේ. පරාජිතයන්, නැවත නැගී සිටීමට සියලු උත්සාහයන් දැරීම ‍ස්වාභාවිකය. ඒ අනුව නිදහස් පක්ෂය කටයුතු කරනවාද යන්න සැක උපදවයි. ඔවුන් එය පසෙකලා ජයග්‍රාහී පක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකිරීමට සෘජුව හා වක්‍රව වපසරිය සකසමින් සිටී. නැවත බලය තහවුරු කරගැනීමට ඇතැම් බලවේග පෙළගැසෙද්දී හිටපු ජනපතිවරයා තම ලේ දහඩිය වැයකල ප්‍රධාන පක්ෂය ඊට සහභාගීවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය. එසේ...