Skip to main content

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාලූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය.

මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ.

බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිරිහැරයක් නොවන අයුරිනි. ජාතික ශූරතා තරගාවලියක් බක් මහ උළෙලක් නොවේ. තරග පැවැත්වෙන අවස්ථාවක පදක්කම් ප්‍රධානය සිදුකිරීම මෙන්ම කටෝර ශබ්ද නිකුත් කරමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවික කරන්නේ නැත. අද මංජුලගේ තරගය අතරතුර ඔහු හා විනිශ්චයකරුවන්ගේ ඉල්ලීමද ඵල රහිත වූයේ සංදර්ශනය ක්‍රීඩාවට වඩා වැදගත් වූ නිසා විය හැක.

සංදර්ශනය පමණක් ඉතිරිව ක්‍රීඩාව විනාශ වී ගොස් අවසන්ය, අද මලල ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයාද ඉඟි කලේ, සංදර්ශන නවත්වා ප්‍රථිඵලයට වැඩි ඉඩක් ලබා දෙන ලෙස විය හැක.

අද අහිමි වුනේ මංජුලගේ ඔලිම්පික් වරම නොව ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකවන්ගේ කැප කිරීම දහඩිය මහන්සිය වෙනුවෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකුට ඔලිම්පික් නියෝජනය ට තිබූ අවස්ථාවයි.


ඔහුට එය අහිමි වූයේ නැත, සියලු බළධාරීන් එක්ව එය රටට අහිමි කලා. ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට අනාගතයේදී මංජුල හොඳ උදාහරණයක්.


ඔහුට මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම ඔවුනට හිමිවිය යුතුව තිබූ වටිනාකම නොලැබිණ. එසේ ලැබුනේ නම්, අද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නට අඩු තරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හො එක්කරගැනිමේ හැකියාව තිබිණ. දුවන්න ක්‍රීඩාංගණයක් නොමැති අවස්ථාවක එතෙර අවස්ථා කිහිපයක් හෝ ලබා දීමට අවධානය යොමු නොවීය.






Comments

Popular posts from this blog

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...