නදීෂාන් ඇයි බන් දැන් මැච් එකකවත් පේන්න නැත්තෙ. කොහෙද මේ රට වටේ යන්නෙ. ඕව බොරු වැඩ බං, මොකෝ චන්දෙවත් ඉල්ලන්න යනවද? ඔෆිස් වැඩ වලින් අයිස් ගහල වටේ යනවනෙ. මේ දිනවල මගෙන් අහන සමාන හා අසමාන ප්‍රශ්නාවලිය.. කුඩා කල ගම් බදව වාසය කලත් දැන් අප කොලොම්පුරේ ගෙන්දගම් පොළව සමග හැපෙමින්, ජීවන යුද්ධයේ නිරතවෙමින් සිටිනවා. අපි ලංකාව සංසන්ධනය කරන්නේ යුරෝපය, අග්නිදිග ආසියාව හරි මධ්‍යම ආසියාව සමග. ඒ අදාල රටවල්වල ඇති දැවැන්ත සංවර්ධනය ලංකාවට නොපැමිණීම ගැන. දළ දේශීය නිශ්පාදනය සංඛ්‍යා අංක පෙන්නමින් ලංකාවේ දේශපාලුවන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්, රට සංවර්ධනයේ මාවතට එන බව කියනව. ඒත් මේරටේ බහුතරයක්, එදිනෙදා කටයුතුවත් කරගැනීමට බැරිව, බීමට පිරිසිදු වතුර ටිකක්, ගමන් කිරීමට පාරක්, රෑට නිදහසේ නින්දක් නැතිව එදා වේල ටුවර්ස් ජීවිතයක් ගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද ? වතු කම්කරුවන් හැමදාම කම්කරුවන් විය යුතුයි, ගොවියාගේ දරුවාද ගොවියෙකු, නාට්ටාමිවරයාගේ දරුවාට නාට්ටාමියෙකුගේම ජීවිතයම අවශ්‍ය බව සිතන රදළයන්, අත්මාර්ථකාමීන් වර්ථමානයේද සිටින බව ඔබ දන්නවාද? දිවයින පුර...
Comments
Post a Comment