Skip to main content

කාලකන්නි ජාතිවාදීන්ගේ ඉත්තෙකු නොවන්න

හලාල් යනු කුමක් ද? 

නොදන්නා ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැනුම පිණිස මෙය අකුරු කිරීමට සිතුනි.

ඕනෑම ආගමක් හෝ දර්ශනයක්  පිළිගන්නා හා පිලිපදින ජන කොට්ඨාශයට අනුකූලවන සාරධර්ම, නීති හෝ ජීවනමග ලෙස හදුන්වන ක්‍රියාදාමයක් හදුන්වාදී තිබේ.

බුදුදහමේ පෙන්වාදී ඇති ජීවත්වීමට සුදුසු වත්පිලිවෙත් අතර පංච සීලය,  එහෙත් ඔබ නිවන්මග අපේක්ෂා කරන්නේ නම් ඊට වඩා උසස් ශීලයක් ආරක්‍ෂා කළ යුතුය. එය අටසීලය ලෙසද, සිල් ගැනීම හා චාරිත්‍ර ඉටුකිරීම වැනි කරුණු ගෙන හැර දැක්විය හැකිය.

ඊට අනුකූලව දිවිගෙවීම සුදුසු බව අතීතයේ සිට පැවත එන පුරාවෘත හේතුවෙන් හා ධාර්මික විශ්වාසයෙන් බෞද්ධ ජනයා විශ්වාස කරයි.


පන්සිල් පද 5 හා සිංහල අර්ථය
පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම බොරුකීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි

අට සිල් හා සිංහල අර්ථය
1. පාණාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
2. අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි
3. අබ්‍රහ්ම චරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම බ්‍රහ්මචරියකු ලෙස හැසිරෙමි (බ්‍රහ්මයෝ සම්පූර්ණයෙන්ම කාම සේවනයෙන් වැළකිණ)
4. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම බොරුකීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි
5. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම මද්‍යපානයෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි
6. විකාල භෝජනා වේරමණී සික්ඛා පදං සමාදියාමි - නොකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටිමි
7. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූ සනට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - නැටුම්, ගැයුම්, වැයුම්, විහිළු දර්ශන සහ මල්, සුවඳ විලවුන් නොදැරීම‍.
8. උච්චාසයන මහා සයනා වේරමණී සික්ඛා පදං සමාදියාමි - උස් අසුන්, මහ අසුන් පරිහරණයෙන් වැළකී සිටීමි

ඉස්ලාමීය ධර්මයේද මෙවැනිම වූ නීතිමාලාවක් සකස්කොට තිබූ අතර ඒ අනුව ජීවත්වන ලෙස ජනතාව හැඩගස්වා ඇත.
එහිදී ඔබ අනුගමනය කලයුතු ක්‍රියා, අනුභව කලයුතු ආහාර, ඔබේ චර්යාධර්ම, හා නොකලයුතු දෑ පැහැදිලිව පෙන්වා දී ඇත.
අරාබි බසින් හලාල් යනු ඔබට අනුමත, ඔබට යෝග්‍ය හා ඉස්ලාමීය නීතිරීති වලට අනුකූලවූ යන අර්ථය ලබාදේ.
අරාබි බසින් හරාම් යනු අනුමත නොවන, ඔබට යෝග්‍ය නොවන හා ඉස්ලාමීය නීතිරීතිවලට පටහැනි යන්නයි.
ඉස්ලාමයේ තම අනුගාමිකයන්ට ජීවත්වීම සදහා නීතිරීතීන් පනවා තිබේ.
ඒ අතර මූලික කරුණු 5 ක් ගෙන හැර දැක්විය හැකිය.

1 දෙවියන් කෙරෙහි විශ්වාසය තැබීම හා මුහම්මද් නබිතුමා ඔහුගේ පනිවිඩකරුවා බව විශ්වාස කිරීම.
2 දවසට 5 වරක් දෙවියන් ඉදිරියේ යාඥ්ඥා කිරීම.
3 තමන් උපයන දෙයින් කොටසක් දුප්පතුන් අතරේ බෙදාදීම.
4 ශුද්ධවූ රාමසාන් මාසයේදී උපවාසයේ යෙදීම.
5 අරාබියේ මක්කාවට ගොස් යාඤ්ඤා කිරීම. එය ස්වර්ගයේ දොරටුව මෙන්ම මුහම්මද් නබිතුමාගේ උපන් නගරය වේ.
එසේම සිය අනුගාමිකයින් හට ධාර්මික දිවිපෙවතක් ගෙවීම අනිවාර්‍ය කල අතර තමන්ට නුසුදුසු දෙයින් මිදීමට අණකොට ඇත.

හලාල් හා හරාම්

උදා - ඔබ කෙනෙකුට දෙයක් දෙනවිට එය පිරිසිදු හා දෙන පුද්ගලයාහට හොදක් වෙන දෙයක් දෙන්න, එය කිසිවෙකු විසින් හොරකම් කරන ලද්දක් හෝ මිනිස් පරිභෝජනයට නුසුදුසුනම් එය හලාල් නො‍වේ.
ඔබ කාගෙන් හෝ අකමැත්තෙන් ලබාගත් දෙයක් නම් එය හලාල් නොවේ.

මස් මාංශ සදහා හලාල්  ?

බොහෝ දෙනා අතර පැතිර ඇති මිත්‍යා මතයක් වේ, එනම් හලාල් යනු මස් මාංශ පදනම් කොට තැනුනු දෙයක් ලෙසයි.

ඉස්ලාමයේ පෙන්වා දෙන්නේ ඔබ ආහාරයට ගන්නා මස් මාංශ යම් ක්‍රියා පටිපාටියකට ක්‍රමවත් ආකාරයෙන් සිදුකල යුතු බවයි. එහිදී එම සත්වයා ඝාතනය කිරීමට ක්‍රමවේදයක් පෙන්වා දී ඇත.

ඉස්ලාමිය ධර්මයේ ආරම්භය සිදුවූයේ මැදපෙරදිග කාන්තාර කලාපයේ බැවින් ජනතාව‍ගේ ජීවිකාව වූයේ එඩේර වෘත්තියයි. ම්ලේඡ්ච ලෙස සතුන් මරා අනුභව කිරීම වෙනුවට ක්‍රමවත් ක්‍රමයක් එහිදී පෙන්වා දී තිබේ. ඕනෑම මනුශ්‍යයෙකු හට ස්වාභාවිකව මියයන සතෙකු අනුභව කිරීම නුසුදුසුය. එය ඉස්ලාමයේදී ද ප්‍රතික්ෂේප කොට ඇත.

එසේම ආහාරයට ගැනීමට මරාදමන සත්වයා හ‍ට ආහාර හා ජලය ලබාදී කුසගින්න නිවා මරා දැමිය යුතු බවත් එම සත්වයාට විදවීමෙන් තොරව මරාදැමීමත් කල යුතු බව අවධාරණය කර තිබින.

එක පිහි පහරින් මරාදැමීමෙන් මෙන්ම ඉස්ලාමීය නීතිය අනුව ආහාරයට සුදුසු බව හලාල් ලෙස පෙන්වා දිය හැක.

කෙසේ වෙතත් යමෙකු තර්ක කල හැකි කරුණක් ඇත ඕනෑම ධර්මයක සත්ව හිංසාව පාපයක් ලෙස හැදින්විය හැක. ශ්‍රී ලංකාව වැනි ස්වයං පෝෂිත රටක සිට මෙසේ මාංශ සදහා සතුන් ඝාතනය සාධාරණිකරනය කල නොහැක.

නූතන ලෝකය එඩේර යුගයෙන් ඉදිරියට විත් ඇති බැවින් මැද පෙරදිග රටවලටද මෙහි අවශ්‍යතාවයක් නොමැති වනු ඇත.  නමුත් මා මෙහිදී පෙන්වා දුන්නේ ඉස්ලාමීය නීතියේ පවතින සත්ව ඝාතනයේ විධිමත් ක්‍රියා පිළිවෙතයි.

යම් යම් අන්තවාදී කොටස් නොයෙක් ආකාරයෙන් මෙය විග්‍රහ කරන අතර ජනතාව අතර ද්වේශ සහගත දෘශ්ඨිකෝණයෙන් බැලීමට පොළඹවන සුළු මති මතාන්තර ඇතිකරමින් සිටී.

උදා = යමෙකු පවසන්නේ සතෙකු ඝාතනය කරන්නා ගිනිගත් තැටියක් මත සිට එය කලයුතු බවත් ඉන් සතාට දැනෙන වේදනාව ඝාතකයාටද දැනිය යුතු බවයි.

ඉස්ලාමයේ තම සිරුරට හිරිහැර කිරීම කිසිසේත් අනුමත නොකරයි, පච්ච කෙටීමට හො ඉස්ලාමීය පිරිමින්ට නොහැකිය.

යමෙකුගේ විශ්වාසයන් හා වත්පිලිවෙත් හෙළාදැකීමට වඩා තමන් අදහන ධර්මය 100 % හිතට එකගව සිදුකිරීමෙන් තමන්තේ දිවිය හැඩගස්වාගත හැක.

හලාල් ලාංචනය - මෙම ලාංචනය ඉස්ලාමීය ජනතාවගේ අවශ්‍යතාවය නිසාම ඇතිවූ ක්‍රමවේදයක් වන අතර ඉස්ලාමීය ජනතාව අතර සිය භාණ්ඩය අලවිකර ගැනීම උදෙසා නිශ්පාදකයින් යොදාගන්නා සහතිකයකි.
ඒ සදහා ශ්‍රී ලංකාවේද ආයතනයක් ඇති අතර ඔවුන් අදාල ද්‍රව්‍ය නියමිත ක්‍රියා පටිපාටියට අනුව සැකසී ඇද්දැයි පරීක්ෂාකොට අදාල සහතිකය පිරිනමයි.

පාරිභෝගික ඔබට හා මට තමන් කැමති භාණ්ඩය මිලදී ගත හැක. එහි හලාල් ලාංචනය ඇත්නම් නොගෙන සිටීම ඔබේ හිතැගි පරිදි සිදුවිය හැක.

මුස්ලිම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාවය මත ලබාදුන් සහතිකයක් සහිත දෙයක් යමෙකු ප්‍රතික්ෂේප කරන්නේනම් ඔහුතුළ ඇත්තේ අදාළ ජනවර්ගයා කෙරෙහි පවතින ද්වේශයක් මිස ශ්‍රී ලාංකිය භව නොවේ.
ඔබ එම සහතිකය ලබාදීම ප්‍රති‍ක්ෂේප කරන්නේනම් හෝ ඊට රජයට බලකර සිටීනම්.

මේ ගැනත් සිතන්න.............. 

ඔබ සිලලර වෙළද පොලෙන් අල කිලෝව ගන්නා මුදලට වඩා වැඩි මුදලක් පැකට් කරන ලද අල කිලෝවකට ගෙවීමට සිදුවනු ඇත.  දිවා ආහාරයට ගන්නා බත් පතේ මිළ වෙළද සල අනුව වෙනස්වේ.
රත්තී කි‍රි පැකට් එක ඇන්කර් කිරි පැකට් හෝ මැලිබන් කිරි පැකට් එක එකම මිලට මිළදී ගත නොහැක.
එකම භාණ්ඩයේ මිළ එක් එක් අසුරනය අනුව වෙනස් වේ.

අද ඔබ ‍එරෙහි වන්නේ හලාල් සහතිකයට නොව ඔබ මා මෙන්ම මෙරට ඉපිද මෙරට මියැදීමට සිටින තවත් ජනකොටසකට එරෙහිවයි.  හලාල් සහතිකය ප්‍රතික්ෂේප කරන ඔබ තම ආගමට දහමට අනුව ජීවත් වන්නේදැයි දෙවරක් සිතන්න.

රට අරාජික කොට ලාභ ප්‍රයෝජන ගන්නා කාලකන්නි ජාතිවාදීන්ගේ ඉත්තෙකු නොවන්න.
---------------------------
යමෙකු අන්තවාදී ජාතිවාදියෙකු ලෙස ක්‍රියා කරයිනම් ඔහුට විරුද්ධව කොන්ද කෙලින් තබාගෙන නැගී සිටින්න... යමෙකු ආගමික අනන්‍යතාවය වෙනස් කිරීමට වෙරදරයි නම් හෝ අන්‍යාගමික පූජා ස්ථාන විනාශ කරයිනම්. ජාතිවාදීව කල්ලිනොගසා එක්ව නැගී සිටින්න.

ඔබ කෙනෙකු පිළිබදව ද්වේෂයෙන් බලයිද ඔහු ඔබට එරෙහිව කදවුරු  බදීනු ඇත ඔබ ඊට වගකිය යුතුය. 30 වසරක් පුරා පැවති යුද්ධයෙන්වත් ඔබ අප පාඩම් ඉගෙන නැත. 

හුග දෙනෙකු සත්‍ය ගැන අවබෝධයක් නොමැතිව කැලෑ පත්තර විශ්වාස කිරීම නිසා කොටන ලදී.


Comments

Popular posts from this blog

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Received an amazing birthday gift - It's you & your kind wishes

Another year has passed, another digit added to my age, time sure does fly. I would like to thank each and every one of you for your lovely wishes, and in return would like to wish you all the success and happiness throughout the future. Realized the power and extent of social networking when it came to my birthday. I don’t think I have ever received as many wishes. Hello my friends, just a quick note tonight to say thank you for all your Wishes. It filled my heart with joy to read all of your kind words. I had a wonderful day and I am still enjoying, Thanks a lot, you all are so special to me and your wishes too. I can’t believe I have to wait another year to hear such sweet things again. Once again i thank all of you for this compliment and the wonderful wishes, I will never ever forget this. I tried to attend & reply each and every wish faithfully, and also urge forgiveness if missed by any mistake. Facebook Wishes Twitter Wishes ...............