Skip to main content

දේශපාලන බලය හුවමාරුව

විසිවසරකින් පසුව බලය හුවමාරුවු මොහොතකදී වුවත් එය සාමකාමීව නිහතමානිව විඳදරාගන්නා ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටීම ගැන ජාතියක් ලෙස සතුටු විය යුතුය. 


ඒ හේතුවෙන්ම දකුණු ආසියාවේ ආදර්ශමත් රාජ්‍යයක් ලෙස නිරික්ෂකයන්ගේ ප්‍රසංශාවට අප රට ලක්ව තිබේ.

ඉතා සුළු පිරිසක් සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ක්‍රියා නොසලකා හැර ඔවුන්ට අනුකම්පා කල යුතුය. 

දේශපාලනය ගැන තර්ක කිරීම හා චරිත සහතික ලබා දීමට කාලය වැය කිරීමෙන් පලක් නැත. ඒ ‍ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කාගේත් විශ්වාසය අතීතය විසින් වලලා ඇති බැවිනි. අනාගත‍යේදී හෝ මෙය වෙනස් වෙනු ඇතැයි ‍අපේක්ෂා කරමු. එය මෛත්‍රී පාලනයෙන්ද නැත්නම් වෙනත් පාලනයකින් ද යන්න ගැන සහතික නිකුත් කල නොහැක.

දේශපාලන පක්ෂ පාට හේතුවෙන් සැමදා හමුවන ඔබේ යහලු මිත්‍රාදීන් අහිමි කර නොගන්න. 

වෙනසක් අපේක්ෂාකල පිරිසට අවශ්‍ය වෙනස ලැබී ඇත. දැන් අප පුද්ගලිකව වෙනස්විය යුතුය. වෙනස් විය යුත්තේ අප මිස පාලනාධිකාරය නොවේ. 

1982න් පසුව 81.52% පිරිසක් චන්දය ප්‍රකාශ කලේ ‍ඒ වෙනස අපේක්ෂාවෙනි. එය 2010‍ට සාපේක්ෂව 7.02% ක වැඩිවීමකි. එය චන්ද 1,768,926 ක වැඩිවීමකි. මෙම වසරට ලියාපදිංචිව සිටි නව චන්ද ප්‍රමානය 955,990 කි.

වැඩි පරිසක් චන්ද පොල‍ට ගොස් චන්දය ප්‍රකාශ කලේ වෙනසක් අවශ්‍ය වීම මත වුවත් ඒ වෙනස යනු හිටපු ජනපති වෙනස් කිරීම නොවන බව ද මතක තබා ගත යුතුය.




සංඛ්‍යාත්මක අගයන්.
2015 ලියාපදිංචි 15,044,490  
2010 ලියාපදිංචිය 14,088,500 
= වැඩි පිරිස 955,990 

විපක්ෂය 2010 ට සාපේක්ෂව 2015 ලබා ඇති වැඩි ප්‍රමාණය 2,043,977

ආණ්ඩුපක්ෂය 2010 ට සාපේක්ෂව 2015 ලබා ඇති අඩු ප්‍රමාණය -247,844

2010 දී ආණ්ඩුව ජයගත් දිස්ත්‍රික්ක ගණන 16 
2010 දී විපක්ෂය ජයගත් දිස්ත්‍රික්ක ගණන 06
2015 දී ආණ්ඩුව ජයගත් දිස්ත්‍රික්ක ගණන 10 
2015 දී විපක්ෂය ජයගත් දිස්ත්‍රික්ක ගණන 12



Comments

Popular posts from this blog

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

නෙළුම් කුළුණ - ප්‍රෞඩ වූ ණය කුළුණ

ඇමරිකානු ඩොලර් මිලියන 104 කට ආසන්න වියදමකින්   දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙස නෙළුම් පොහොට්ටුවක හැඩය ගත්, නෙළුම් කුළුණ ඉදිවේ. අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක. මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ   මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ. මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත. මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි. ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ. වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත. තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ. අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට...

Blogged #Gammadda - සල්ලි එපා වන්දි එපා මාලුයි ඕන...

මේ කතාව මට නුපුරුදුයි...  සල්ලි ඉල්ලන වන්දි ඉල්ලන රජයට බනින මිනිස්සු ඉන්න රටේ මේ වගේ ඉල්ලීමක්... අම්පාර පොතුවිල් වලට ළඟ රොට්ටේ ප්‍රදේශයේ පෞරාණික කොවිලක් අසලට ගිය විට කෙනෙක් ඇවිත්...  සර් පොඩි ප්‍රශ්නයක් තියනව. ඇවිල්ල බලනවද ඇහුව..  ප්‍රශ්න නැත්තෙ කාටද යමුකො බලන්න.. මඩ වතුර පිරුණු වැවක් ළඟ ධීවරයන් පිරිසක් අමුතු කතාවක් කියන්න වුණා... "මේ වැව දැන් හිඳිල, මේ වටේට ලොකුවට කරන කුඹුරු තියනව. මේ ගමේ අයට කුඹුරු අක්කර භාගයක් තියා එදා වේල කන්න සල්ලි නෑ. මේ හැම පවුලම රැකෙන්නෙ වැවෙන් අල්ලන මාලු වලින්. අපිව මාලු අල්ලන මිනිස්සු නිසා ගණන් ගන්නෙත් නෑ" අපි සංගමයක් විදියට එකතුවෙලා වැහි කාලෙ අාපු ගමන් මාලු පැටව් සල්ලිවලට අරන් වැවට දානව. ඒ මාලු ලොකු උණාම අල්ලනව ඒත් ලොකු දැල් දාල. මොකද මාලු පැටව් පරිස්සම් කරගන්න ඕන.  දැන් අවුරුදු දෙකක් තිස්සෙ පෑවිල්ල. ඒ මදිවට තියන වතුර සේරම කුඹුරුවලට ඇරල මාලුන්ට ජීවත්වෙන්න බෑ. වැව හිඳෙද්දි මාලු මැරෙනව. ලුණු ගතිය වැඩි වෙනව. දැන් කොක්කුයි පිට රටෙන් ඇවිල්ල ඉන්න කුරුල්ලොයි ඉතුරු මාලු පැටව් කනව. මේ අවුරුද්දම ඉවරයි. අපේ ගෑණුන්ගෙ කණ...