මොණරාගල දිස්ත්‍රික්කයේ, හම්බෙගමුවට ගම්මැද්ද කණ්ඩායම යන විට ඔවුන්ට, බරපතල ගැටලුවක්ව පැවතියේ පිරිසිදු ජලයයි.
ඔවුන් සියල්ලන්ගේම වාගේ මුවග රැඳුනේ, " වතුර නැහැ, හරි කිවුලයි, මේව බිව්වොත් ඉවරයි, වෙන මොනව කරන්නද පිපාසෙ ඉවසන්නත් බැහැනෙ. " යන වදන්..
ඒ අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් මූලිකත්වය හිමිවුනේ ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් වෙතයි.
හම්බෙගමුවටම ආභරණයක් වූ හම්බෙගමුව ද්විතීයික පාසලේ දී ආරම්භ කල පළමු ව්‍යාපෘතිය අවසන් වුනේ අවට ගම්මාන රැසක ජනතාවට සැනසුම් සුසුම් ඉතිරි කරමින්. හම්බෙගමුව පාසලේ ව්‍යාපෘති ආරම්භය කණ වැකුනු ජනාධිපති වරයා හම්බෙගමුව ගම්මානයටම පිරිසිදු ජලය ලබා දීමට පියවර ගත්තේ, අවට ප්‍රදේශය ගිලිමින් සිටි වකුගඩු මාරයාට අභියෝගයක් එල්ල කරමින්.
වකුගඩු මාරයා ...
සෑම පවුලකම එක් වකුගඩු රෝගියෙකු හෝ සිටීම හේතුවෙන් හම්බෙගමුව ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට වකුගඩු රෝග එතරම්, ආගන්තුක නැහැ. බැර ලෝහ අයන වලින් ගහන ජලය ඊට හේතුවයි.
ජල පිරිපහදු කට්ටල සවිකිරීම මීට පිළියමක් නොවුනත්, යම් තාක් හෝ අස්වැසිල්ලක් ඉන් මේ ජනතාවට හිමිවනු නොඅනුමානයි.
පිරිපහදු ජල පොදක් පානය කල ගැමි කාන්තාවක් පැවසූ දෙයින්, එම අස් වැසිල්ල මොනවට පැහැදිලි විය.
" මෙච්චර වතුර බොන්න පුලුවන් කියල දැනගත්තෙ අද, අපි මෙච්චර දවස් වතුර බිව්වෙ බෙහෙත් බොන ගාණට. කිලෝ මිටර් 10 - 12 ගිහින් ත්‍රීවීල් වලින් වතුර අරන් එන්නෙ. ඒක නිසා හරි පරිස්සමින් තමයි වතුර බිව්වෙ. මේතරම් වතුර ගමේදි අපි බොන්නෙ නැහැ. "
ඒ වචන පෙළ තුළ සැඟවී ඇති අව්‍යාජත්වය, මෙන්ම අසරණ කම ගැන කිහිපවරක් සිතීම අත්ය්යවශ්ය කාලය එළඹ ඇත.
Comments
Post a Comment