Skip to main content

Posts

Showing posts from February, 2013

කාලකන්නි ජාතිවාදීන්ගේ ඉත්තෙකු නොවන්න

හලාල් යනු කුමක් ද?  නොදන්නා ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැනුම පිණිස මෙය අකුරු කිරීමට සිතුනි. ඕනෑම ආගමක් හෝ දර්ශනයක්  පිළිගන්නා හා පිලිපදින ජන කොට්ඨාශයට අනුකූලවන සාරධර්ම, නීති හෝ ජීවනමග ලෙස හදුන්වන ක්‍රියාදාමයක් හදුන්වාදී තිබේ. බුදුදහමේ පෙන්වාදී ඇති ජීවත්වීමට සුදුසු වත්පිලිවෙත් අතර පංච සීලය,  එහෙත් ඔබ නිවන්මග අපේක්ෂා කරන්නේ නම් ඊට වඩා උසස් ශීලයක් ආරක්‍ෂා කළ යුතුය. එය අටසීලය ලෙසද, සිල් ගැනීම හා චාරිත්‍ර ඉටුකිරීම වැනි කරුණු ගෙන හැර දැක්විය හැකිය. ඊට අනුකූලව දිවිගෙවීම සුදුසු බව අතීතයේ සිට පැවත එන පුරාවෘත හේතුවෙන් හා ධාර්මික විශ්වාසයෙන් බෞද්ධ ජනයා විශ්වාස කරයි. පන්සිල් පද 5 හා සිංහල අර්ථය පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සතුන් මැරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම සොරකම් කිරීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන්වෙමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි - මම බොරුකීමෙන් වැළකීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි සුරාමේරය

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.