Skip to main content

Posts

Showing posts from September, 2016

ගම්මැද්ද බ්ලොග්: වකුගඩු රිදුම් දෙන හම්බෙගමුව වැසියෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, හම්බෙගමුවට ගම්මැද්ද කණ්ඩායම යන විට ඔවුන්ට, බරපතල ගැටලුවක්ව පැවතියේ පිරිසිදු ජලයයි. ​ ඔවුන් සියල්ලන්ගේම වාගේ  මුවග රැඳුනේ, " වතුර නැහැ, හරි කිවුලයි, මේව බිව්වොත් ඉවරයි, වෙන මොනව කරන්නද පිපාසෙ ඉවසන්නත් බැහැනෙ. "  යන වදන්.. ඒ අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් මූලිකත්වය හිමිවුනේ ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් වෙතයි.  හම්බෙගමුවටම ආභරණයක් වූ හම්බෙගමුව ද්විතීයික පාසලේ දී ආරම්භ කල පළමු ව්‍යාපෘතිය අවසන් වුනේ අවට ගම්මාන රැසක ජනතාවට සැනසුම් සුසුම් ඉතිරි කරමින්. හම්බෙගමුව පාසලේ ව්‍යාපෘති ආරම්භය කණ වැකුනු ජනාධිපති වරයා හම්බෙගමුව ගම්මානයටම පිරිසිදු ජලය ලබා දීමට පියවර ගත්තේ, අවට ප්‍රදේශය ගිලිමින් සිටි වකුගඩු මාරයාට අභියෝගයක් එල්ල කරමින්. වකුගඩු මාරයා ... සෑම පවුලකම එක් වකුගඩු රෝගියෙකු හෝ සිටීම හේතුවෙන්  හම්බෙගමුව ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට වකුගඩු රෝග එතරම්, ආගන්තුක නැහැ. බැර ලෝහ අයන වලින් ගහන ජලය ඊට හේතුවයි. ජල පිරිපහදු කට්ටල සවිකිරීම මීට පිළියමක් නොවුනත්, යම් තාක් හෝ අස්වැසිල්ලක් ඉන්  මේ ජනතාවට හිමිවනු නොඅනුමානයි. පිරිපහ