Skip to main content

Posts

Showing posts from January, 2015

Presidential Election Sri Lanka - 2015 - Infographic - MR vs MS (Hot Areas)

දේශපාලන බලය හුවමාරුව

විසිවසරකින් පසුව බලය හුවමාරුවු මොහොතකදී වුවත් එය සාමකාමීව නිහතමානිව විඳදරාගන්නා ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටීම ගැන ජාතියක් ලෙස සතුටු විය යුතුය.  ඒ හේතුවෙන්ම දකුණු ආසියාවේ ආදර්ශමත් රාජ්‍යයක් ලෙස නිරික්ෂකයන්ගේ ප්‍රසංශාවට අප රට ලක්ව තිබේ. ඉතා සුළු පිරිසක් සිදුකරන ඇතැම් ප්‍රකාශ හා ක්‍රියා නොසලකා හැර ඔවුන්ට අනුකම්පා කල යුතුය.  දේශපාලනය ගැන තර්ක කිරීම හා චරිත සහතික ලබා දීමට කාලය වැය කිරීමෙන් පලක් නැත. ඒ ‍ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන කාගේත් විශ්වාසය අතීතය විසින් වලලා ඇති බැවිනි. අනාගත‍ යේදී හෝ මෙය වෙනස් වෙනු ඇතැයි ‍අපේක්ෂා කරමු. එය මෛත්‍රී පාලනයෙන්ද නැත්නම් වෙනත් පාලනයකින් ද යන්න ගැන සහතික නිකුත් කල නොහැක. දේශපාලන පක්ෂ පාට හේතුවෙන් සැමදා හමුවන ඔබේ යහලු මිත්‍රාදීන් අහිමි කර නොගන්න.  වෙනසක් අපේක්ෂාකල පිරිසට අවශ්‍ය වෙනස ලැබී ඇත. දැන් අප පුද්ගලිකව වෙනස්විය යුතුය. වෙනස් විය යුත්තේ අප මිස පාලනාධිකාරය නොවේ.  1982න් පසුව 81.52% පිරිසක් චන්දය ප්‍රකාශ කලේ ‍ඒ වෙනස අපේක්ෂාවෙනි. එය 2010‍ට සාපේක්ෂව 7.02% ක වැඩිවීමකි. එය චන්ද 1,768,926 ක වැඩිවීමකි. මෙම වසරට ලියාපදිංචිව සිටි නව චන්ද ප්‍රමානය 9