Skip to main content

Posts

Showing posts from July, 2015

සිදුවූයේ කිම - ආර් ප්‍රේමදාස පිටියේ යකා නැටූ නොසන්ඩාලයන්

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පකිස්තාන කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම තරග කල තුන්වැනි තරගය අතරතුර අභාග්‍ය සම්පන්න සිදුවීම් සමුදායක් සිදුවීම විවිධ පුද්ගලයන්ගේ මෙන්ම කණ්ඩායම්වල අවධානයට ලක්විය. එසේම එම සිදුවීම නොයෙක් දෙනා නොයෙක් ආකාරයෙන් විග්‍රහ කිරීමට යාමෙන් සත්‍ය කරුණු ඉස්මතු නොවීමද අවධානයට ලක් කල යුතුය. බොහෝ පිරිසක් තමන් දුටුදෙය මත සිට නිගමනයකට පැමිණ ඇති අතර, එය සත්‍ය විකෘති කිරීමක් ලෙසද දැක්විය හැක. සිදුවූ ගැටුම මුල සිට දුටු පුද්ගලයෙකු මෙන්ම, සිදුවූ ආකාරය විමසා දැකබලාගනිමින් ගල් පහර මධ්‍යයේ, ක්‍රීඩංගණයෙන් පිටත ප්‍රදේශයේ සිදුවූ දෑ විමර්ශණය කල පුද්ගලයෙකු ලෙස සිදුවූ සිදුවීම සටහන් කිරීමට කැමැත්තතෙමි. එහි දී සිදුවූයේ කුමක්ද ?  පකිස්තාන කණ්ඩායම කඩුලු 4 කට ලකුණු 316 ක් වැනි ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම හේතුවෙන් ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු කඩවු ස්වරූපයෙන් සිටි බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට අනන්‍ය වූ ආකාරයෙන් තරග නැරඹීම එදිනද දක්නට හැකිවිය. බොහෝ පිරිසක් කලකට පසුව කොළඹ ක්‍රීඩා කරන තරගය නැරඹීමට තම හිතෛෂීන් සමග එක්වූයේ කණ්ඩායම ජයගනු නැරඹීමට මෙන්ම විනෝදයෙන් කාලය ගත