Skip to main content

Posts

Showing posts from February, 2015

Blogged: බයියන් - ටොයියන් - කබ්බන් හා රූකඩ අතර සිරවුන තරුණ චන්ද

එවකට නිදහස් පක්ෂය ලෙස පිරිසක් හිටපු ජනපති දිනවීමට දිවිහිමියෙන් කටයුතු කලේය. නමුත් අවසානයේ ඔහුට පරාජය වීමට සිදුවිය. නිදහස් පක්ෂයේම වුවත් එහි විරුද්ධ පක්ෂ හා කඳුවුරු බැඳි එවකට සෞඛ්‍ය ඇමතිවරයා ජනපති විය. පරාජිත පාක්ෂිකයන් හා ජයග්‍රාහී පාක්ෂිකයන් කාකොටා ගැනීම ආරම්භ කලේය. පරාජිත පාක්ෂිකයන් තම පරාජිත හැඟීම පිට කලේ, ‍ජාතිවාදය, යුද මානසිකත්වය, හා පුද්ගල චරිත පදනම් කරගනිමිනි. ඒ ඔවුන් එම තත්වයට පත්කල ජනතාවගේ නි‍යෝජිතයන් කියාගන්නා පිරිසක් හේතුවෙනි. ජයග්‍රාහී පාක්ෂිකයන්, සතුට භුක්තිවිඳීම ආරම්භ කලේ ජයග්‍රහණය සැමරීම පසෙකලා පරාජිතයන්ගේ හැඟීම් වලට පහර දෙමිනි. එයද මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසකගේ අවශ්‍යතා පිරිමැසීමක් විනා අන් කිසිවක් නොවේ. පරාජිතයන්, නැවත නැගී සිටීමට සියලු උත්සාහයන් දැරීම ‍ස්වාභාවිකය. ඒ අනුව නිදහස් පක්ෂය කටයුතු කරනවාද යන්න සැක උපදවයි. ඔවුන් එය පසෙකලා ජයග්‍රාහී පක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකිරීමට සෘජුව හා වක්‍රව වපසරිය සකසමින් සිටී. නැවත බලය තහවුරු කරගැනීමට ඇතැම් බලවේග පෙළගැසෙද්දී හිටපු ජනපතිවරයා තම ලේ දහඩිය වැයකල ප්‍රධාන පක්ෂය ඊට සහභාගීවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය. එසේ