Skip to main content

Posts

Showing posts from March, 2016

අපට ඉර හඳ එපා - නගරයට පාර පෙන්නන්න පාර හදා දෙන්න - කන්දල්ඔය ජනතාව

නිව්ස්ෆස්ට්, මෙහෙයවූ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දින 24කට පසුව අවසන් විය. සඳලු තලේ සිටිමින්  දෙනෙත් රහිතව, පෙනුනත් නොපෙනෙන, ඇසුනත් නෑසූ කන්ව සිටින පාලක පාලිකාවන්ගේ ඇස් ඇරවීමට මෙම ක්‍රියාන්විතය උදව්වූවාට සැක නැත.  සෑම ශ්‍රී ලංකිකයාටම සම්පත් සමානව නොලැබී යාමට උදාහරණ දහස් ගණනක් එහිදී හමුවිය. මෙරට ඇතැම් මාර්ගවලට අනවශ්‍ය වියදමක් දරමින් සංවර්ධනය වද්දී, එදිනෙදා කටයුතු සිදුකරගැනීමට කෙසේ වෙතත්, අසාධ්‍ය ලෙඩෙක් නගරයට ගෙන යෑමට හෝ නිසි මාර්ග පද්ධතියක් නොමැති ගම්මාන සියගණනක් එහිදී හමුවිය. ගමේ චන්දයෙන් නගරයට පැමිණ ගම අමතක කරන දේශය පාලනය කරන්නන්, නැවත ගම්මානය දිහා නොබලන බවට එය කදිම උදාහරණයකි.  දින 24ක ක්‍රියාන්විතයට දායකත්වය ලබා දුන් සහෘදයන් හා සසඳා බලද්දී මා අවාසනාවන්තය, ඒ, මට ඊට සම්බන්ධවීමට හැකිවුයේ දින 4ක් පමණක් වීම හේතුවෙනි. නමුත් ඒ කෙටි කාලයේ දී, අත්දැකීම් සම්භාරයක් රැගෙන පැමිණිමට හැකිවීම ගැන මාගේ සියුම් ආඩම්බරයක් ඇත. යටියන්තොට සිට සීපෝත් දක්වා දිවෙන මාර්ගය එම කාලයේදී,  අපගේ මුල්ම ගමනාන්තය වූයේ යටියන්තොට සිට කිලෝමීටර 33 ක පමණ දුරකින් පිහිටි සුන්දර පරිසරයකට හිමිකම් ක