Skip to main content

අපට ඉර හඳ එපා - නගරයට පාර පෙන්නන්න පාර හදා දෙන්න - කන්දල්ඔය ජනතාව

නිව්ස්ෆස්ට්, මෙහෙයවූ ගම්මැද්ද ගෙයින් ගෙට ක්‍රියාන්විතය දින 24කට පසුව අවසන් විය. සඳලු තලේ සිටිමින්  දෙනෙත් රහිතව, පෙනුනත් නොපෙනෙන, ඇසුනත් නෑසූ කන්ව සිටින පාලක පාලිකාවන්ගේ ඇස් ඇරවීමට මෙම ක්‍රියාන්විතය උදව්වූවාට සැක නැත. 



සෑම ශ්‍රී ලංකිකයාටම සම්පත් සමානව නොලැබී යාමට උදාහරණ දහස් ගණනක් එහිදී හමුවිය. මෙරට ඇතැම් මාර්ගවලට අනවශ්‍ය වියදමක් දරමින් සංවර්ධනය වද්දී, එදිනෙදා කටයුතු සිදුකරගැනීමට කෙසේ වෙතත්, අසාධ්‍ය ලෙඩෙක් නගරයට ගෙන යෑමට හෝ නිසි මාර්ග පද්ධතියක් නොමැති ගම්මාන සියගණනක් එහිදී හමුවිය. ගමේ චන්දයෙන් නගරයට පැමිණ ගම අමතක කරන දේශය පාලනය කරන්නන්, නැවත ගම්මානය දිහා නොබලන බවට එය කදිම උදාහරණයකි. 

දින 24ක ක්‍රියාන්විතයට දායකත්වය ලබා දුන් සහෘදයන් හා සසඳා බලද්දී මා අවාසනාවන්තය, ඒ, මට ඊට සම්බන්ධවීමට හැකිවුයේ දින 4ක් පමණක් වීම හේතුවෙනි. නමුත් ඒ කෙටි කාලයේ දී, අත්දැකීම් සම්භාරයක් රැගෙන පැමිණිමට හැකිවීම ගැන මාගේ සියුම් ආඩම්බරයක් ඇත.


යටියන්තොට සිට සීපෝත් දක්වා දිවෙන මාර්ගය

එම කාලයේදී,  අපගේ මුල්ම ගමනාන්තය වූයේ යටියන්තොට සිට කිලෝමීටර 33 ක පමණ දුරකින් පිහිටි සුන්දර පරිසරයකට හිමිකම් කී, කන්දල ඔය වත්ත ගම්මානයයි. යටියන්තොට සිට පටුමාර්ගයක ගමන් ගත් අපට සුවපහසුව ගමන් කල හැකි වූයේ කිලෝමීටර 25 ක පමණ දුර ප්‍රමාණයකි. සීපෝත් දක්වා වූ එම මාර්ගයේ පොදු ප්‍රවාහණ සේවයක්ද පැවතියද එතැන් සිට එය ක්‍රියාත්මක වන්නේ නැහැ. එතැන් සිට කන්දල ඔය වත්ත ගම්මානය දක්වා වූ මාර්ගය මාර්ගයකට වඩා සමාන වූයේ වාරිමාර්ගයකටයි, සිඳීගිය ඇල මාර්ගයක ගමන් කරන හැඟීමක් එම කඳුකර මාර්ගයේ ගමන් කිරීමේදී ඔනෑක අයෙකුට සිතෙනු නොඅනුමානය. 
කන්දලඔය වත්ත ප්‍රදේශය



සීපෝත් සිට කන්දලඔය දක්වා දිවෙන මාර්ගය
අපගේ  රථ පෙළ පැයකට අධික කාලයක, පරිශ්‍රමයකින් පසුව කන්දල ඔය වත්ත ගම්මානයට ළඟාවන විට, අවට පිරිස තම දෛයිනික රාජකාරීවලින් මිදී අප පිළිගන්නට එක්විය. ඒ, ඔවුන් අවට ලෝකයෙන් කොන්ව ජීවත්වන පිරිසක් වීම හේතුවෙන් විය හැක. නැතහොත් තේ දලු නෙලා, තම දරුපවුල් රැකගන්නා එම පිරිස සමග  දුක බෙදා ගැනීමට කිසිවෙකු නොපැමිනෙන නිසාවෙන් විය හැක. 

තේ වත්ත කැලෑ වැදීමට හැර ඇත.
රජයට අයත් තේ වතුයායක් කේන්ද්‍රගක කරගනිමින් නිර්මාණය වූ මෙම ගම්මානයට මේ කාලය උදාව ඇත්තේ, එම වතුයායද රජයේ ඇතැම් ආයතන මෙන් වල් වැදීමට හැර තිබීම හේතුවෙනි. එක් පසකින් යටියන්තොට නගරයත් අනෙක් පසින් නාවලපිටිය නගරයටත් මැදිව ඇති මේ සුන්දර ගම්මානයේ, වෙසෙන්නන්ගේ ජීවිතයද ඉතා සුන්දරය. ඔවුන්ට ලොකු බලාපොරොත්තු නැත. ඒ, ඔවුන් තිබෙන සීමිත සම්පත්වලින් සතුටින් ජීවත්වීමට හුරුව සිටීම හේතුවෙන් විය හැකිය. නමුත්, ලෙඩකට බෙහෙතක් ගැනීමට, තම දරුවා නගරයේ පාසලකට යැවීම, ප්‍රසව වේදනාවෙන් කෙඳිරිගාන තම බිරිඳ රෝහලකට ගෙන යෑම ඔවුන්ට හීනයක්. ජීවිතත් මරණයත් අතර සටන් කරන පුද්ගලයෙකු රෝහල වෙත ගෙනයන විට ඔහු මගදීම දිවිය හැර යනවා නො අනුමානය. 




ඒ, නිසි ප්‍රවාහන සේවයක් නොමැතිවීම හා නිසි මාර්ග පද්ධතියකින් ඔවුන්ව නගරයට ලංකිරීමට පාලනාධිකාරයට අවශ්‍යතාවක් නොවීමයි. අතීතයේ සිට පැවත එන හම්පුතා හා සේවකයා අතරවූ පරතරය අදටත් එසේම පැවතීම මීට හේතුවක් ලෙස දැක්වීමට හැක. හාම්පුතා තම සේවකයන් දියුණුවනවා දැකීමට කැමතිනැත. ඔවුන්ගේ දරුවන් පාසල් යනවා දැකීමට කැමති නැත. ඔවුන් සැමදා දිළින්දන් ලෙස තබා ගෙන තම අවශ්‍යතා සපුරා ගනිමින් අකාලයේ මියදෙනු දැකීම ඊට හේතුව විය හැක. 

මෑතක දී එම ගමේ පුද්ගලයෙකු බඹරෙකු දෂ්ඨ කිරීමෙන් මරුමුවට පත්ව තිබේ. ඒ, හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යෑමට නොහැකිවීම හේතුවෙන්. 

කන්දල් ඔය දමිළ විද්‍යාලයේ විදුහල්පතිවරයා.
අපට එහිදී විශේෂ දක්ෂතා ඇති දරුවන් පිරිසක් හමුවිය.   කන්දල ඔය වත්ත දමිළ විද්‍යාලයෙන් සිප් සතර හදාරන එම පිරිසට එම විද්‍යාලයේ විදුහල් පතිවරයාගේ උනන්දුවෙන් තල්ලුවක් ලැබී ඇත.

පාසලේ නමට ලබා දී ඇති මූලිකත්වය
මෙහි ප්‍රමාණයෙන් තීරණය කල හැක

ශිෂ්‍ය ශිෂ්‍යාවන් 180 ක් ඉගෙනුම ලබන මෙම පාසලට ඇත්තේ, ගොඩනැගිලි දෙකක් පමණි. සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන විද්‍යාලයේ ගුරුමණ්ඩලය 6 දෙනෙකි. තවත් තරුණ තරුණියන් පිරිසක් ස්වේච්ඡාවෙන් තම සහෝදර සහෝදරියන්ට අකුරු කියා දීමට ඉදිරිපත්ව සිටි. ඔවුන් එම විද්‍යාලයේම සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හැදෑරු පිරිසක්.


 එම ගමට කිලෝමීටර 3 කට පමණ එපිට කඳු මුදුනේ පිහිටි ඉහළ  කන්දල ඔය වත්ත ප්‍රදේශයේ සිසු සිසුවියන්ද  සිප් සතර හදාරන්නේ මෙම පාසලෙනි. නමුත් ඔවුන් බොහෝදිනවලදී අත්දකින කටුක අත්දැකීමක්, එක් කුඩා සිසුවියක් අපූරුලෙස සටහන් කර තිබිණ. ඒ, චිත්‍රයකින්. දුෂ්කර ගමනකින් පසුව පාසල වෙත පැමිණෙන මෙම සිසු සිසුවියන්ට බොහොදිනවලදී වෙලාවට පාසලට පැමිණීමට ලැබෙන්නේ නැත. ඔවුන් බොහෝ දිනවලදී ඊට දඩුවම් විඳීම ඇය එම චිත්‍රයෙන් නිරූපණය කර තිබිණ. කුඩා මනසකට මෙම දුෂ්කරත්වය දැනී තිබුනේ ඒ ආකාරයටය.

ඔවුන්ගේ පළමු හා අවසන් ඉල්ලීම වූයේ, මේ වල ගොඩැලි සහිත මාර්ගය පිලිසකර දෙන ලෙසයි. එම ගම්මුන්ට විශාල අවශ්‍යතා නැත ඔවුන්ගේ එම ඉල්ලීම විසඳා දුනහොත් ඔවුන්ගේ ජීවිතය යම් ප්‍රමාණයකට හෝ ආලෝකමත් වනු ඇත. නගරයෙන් කොන්වූ, ලෝකයෙන් කොන්වූ එම පිරිස නගරයට ළං කිරීමට එය හොඳටම ප්‍රමාණවත්.


 ඡන්දයෙන් පසුව කොළඹ ගෙවල්ගෙන සඳලුතලවල සිටින අය, යටියන්තොට හරහා සැප ගැනීමට නුවරඑළිය යන ගමන්, මේ ගම්මානවලටත් ගොඩවෙලා යන්න... බැරිනම් ගෙදර යන ගමන් හරි ගොඩවෙලා යන්න... 

- නදීෂාන් මීඩින් - නිව්ස්ෆස්ට් 

අඳුර මැදින්, ලෝකයට එපා වූ පීතාව ගම්මානයට ගිය ගමන ..... 















Comments

Popular posts from this blog

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.

Blogged: බයියන් - ටොයියන් - කබ්බන් හා රූකඩ අතර සිරවුන තරුණ චන්ද

එවකට නිදහස් පක්ෂය ලෙස පිරිසක් හිටපු ජනපති දිනවීමට දිවිහිමියෙන් කටයුතු කලේය. නමුත් අවසානයේ ඔහුට පරාජය වීමට සිදුවිය. නිදහස් පක්ෂයේම වුවත් එහි විරුද්ධ පක්ෂ හා කඳුවුරු බැඳි එවකට සෞඛ්‍ය ඇමතිවරයා ජනපති විය. පරාජිත පාක්ෂිකයන් හා ජයග්‍රාහී පාක්ෂිකයන් කාකොටා ගැනීම ආරම්භ කලේය. පරාජිත පාක්ෂිකයන් තම පරාජිත හැඟීම පිට කලේ, ‍ජාතිවාදය, යුද මානසිකත්වය, හා පුද්ගල චරිත පදනම් කරගනිමිනි. ඒ ඔවුන් එම තත්වයට පත්කල ජනතාවගේ නි‍යෝජිතයන් කියාගන්නා පිරිසක් හේතුවෙනි. ජයග්‍රාහී පාක්ෂිකයන්, සතුට භුක්තිවිඳීම ආරම්භ කලේ ජයග්‍රහණය සැමරීම පසෙකලා පරාජිතයන්ගේ හැඟීම් වලට පහර දෙමිනි. එයද මහජන නියෝජිතයන් යැයි කියාගන්නා පිරිසකගේ අවශ්‍යතා පිරිමැසීමක් විනා අන් කිසිවක් නොවේ. පරාජිතයන්, නැවත නැගී සිටීමට සියලු උත්සාහයන් දැරීම ‍ස්වාභාවිකය. ඒ අනුව නිදහස් පක්ෂය කටයුතු කරනවාද යන්න සැක උපදවයි. ඔවුන් එය පසෙකලා ජයග්‍රාහී පක්ෂයේ ඕනෑ එපාකම් ඉටුකිරීමට සෘජුව හා වක්‍රව වපසරිය සකසමින් සිටී. නැවත බලය තහවුරු කරගැනීමට ඇතැම් බලවේග පෙළගැසෙද්දී හිටපු ජනපතිවරයා තම ලේ දහඩිය වැයකල ප්‍රධාන පක්ෂය ඊට සහභාගීවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය. එසේ...

Facebook Fan page Count in Simple Text HTML

Step 1 – Get API Key, Application Secret & Page ID These are the three mandatory information you’ll need to get things started. API Key and Application Secret Sign in to your Facebook and click on Developer ‘s link on the site bar. (If you don’t have a Developer’s account, you will have to sign up for one first) Click " Set Up New Application ". Enter any application name, agree to the Facebook terms and click "Create Application ". Note: We are not going to create a real application, but we’ll need to go through these processes to get a API Key and Application Secret . On the next page, you should be able to see your personal API Key and Application Secret . Copy it down somewhere or leave the browser window open. Page ID Page ID is the ID of your Facebook Fan Page . If you don’t have a Facebook Fan page, you’ll have to first create one. To get the ID of your Fan page, click edit page , and look for your ID (numbers) at the end of the URL – http:...