ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න. ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්. ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු.. දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ? ඔහු අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...
Comments
Post a Comment