Skip to main content

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාලූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය.

මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ.

බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු ලබන්නේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හිරිහැරයක් නොවන අයුරිනි. ජාතික ශූරතා තරගාවලියක් බක් මහ උළෙලක් නොවේ. තරග පැවැත්වෙන අවස්ථාවක පදක්කම් ප්‍රධානය සිදුකිරීම මෙන්ම කටෝර ශබ්ද නිකුත් කරමින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවික කරන්නේ නැත. අද මංජුලගේ තරගය අතරතුර ඔහු හා විනිශ්චයකරුවන්ගේ ඉල්ලීමද ඵල රහිත වූයේ සංදර්ශනය ක්‍රීඩාවට වඩා වැදගත් වූ නිසා විය හැක.

සංදර්ශනය පමණක් ඉතිරිව ක්‍රීඩාව විනාශ වී ගොස් අවසන්ය, අද මලල ක්‍රීඩාවේ ප්‍රධාන අනුග්‍රාහකයාද ඉඟි කලේ, සංදර්ශන නවත්වා ප්‍රථිඵලයට වැඩි ඉඩක් ලබා දෙන ලෙස විය හැක.

අද අහිමි වුනේ මංජුලගේ ඔලිම්පික් වරම නොව ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකවන්ගේ කැප කිරීම දහඩිය මහන්සිය වෙනුවෙන් තවත් ශ්‍රී ලාංකිකයෙකුට ඔලිම්පික් නියෝජනය ට තිබූ අවස්ථාවයි.


ඔහුට එය අහිමි වූයේ නැත, සියලු බළධාරීන් එක්ව එය රටට අහිමි කලා. ශ්‍රී ලාංකික ක්‍රීඩා ක්ෂේත්‍රයට අනාගතයේදී මංජුල හොඳ උදාහරණයක්.


ඔහුට මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුටම ඔවුනට හිමිවිය යුතුව තිබූ වටිනාකම නොලැබිණ. එසේ ලැබුනේ නම්, අද මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොන්නට අඩු තරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු හො එක්කරගැනිමේ හැකියාව තිබිණ. දුවන්න ක්‍රීඩාංගණයක් නොමැති අවස්ථාවක එතෙර අවස්ථා කිහිපයක් හෝ ලබා දීමට අවධානය යොමු නොවීය.






Comments

Popular posts from this blog

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.

ALS අයිස් බකට් චැලේන්ජ් එක හා ශ්‍රී ලාංකික ජන විඥ්ඥානය

ඉතාදුර්ළභ ඝණයේ ස්නායු දුර්වලතාවකට සමාන රෝගයක් ලෙස සැලකෙන Amyotrophic lateral sclerosis හෙවත් ඒ එල් එස් රෝගය ගැන ලෝකයේ ඇස් ඇරීමට හා එය තුරන් කිරිමට මූල්‍ය අරමුදල් රැස්කිරීමේ අරමුණින් මුලින්ම අයිස් බකට් චැලේන්ජ් ලෙස කවකෙකුට අභියෝග කිරීම ඇමරිකාවේදී ආරම්භ විය. මෙහිදී සිදු කරන්නේ තමන් විසින් තවත් තිදෙනෙකුට අභියෝග කිරීමයි, එහිදී අයිස් පිරි භාජනයක් හිස මතට වත්කරගනිමින් තමන්ව අනුගමනය කරනලෙස අභියෝග කරයි. අභියෝගය භාරගන්නා පිරිස් ඒ.එල්.එස් අරමුදලට දායකවීමට අමතක නොකරන අතරම අයිස් වතුර තම හිසට හලා ගනිමින් අදාළ පුණ්‍ය කාර්‍යයට එක්වූ බව නාමිකව අගවයි. එසේම මෙහි තවත් එක් අවශේෂ කාරණයක් ඇත. එදාළ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන රෝගීන්‍‍ගෙ සම ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ප්‍රායෝගිකව පෙන්වාදීමද මෙයින් සිදුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම අයිස් බකට් අභියෝගයෙහි ඇති අර්ථය නොදන්නා පිරිස් විසින් මෙම පුණ්‍ය කාර්‍යය හාස්‍ය දනවන්නක් ලෙස සිදුකිරීමට පෙළඹීම ශෝකවිය යුතු කරුණකි. අයිස් බකට් අභියෝගය මගින්, එය ව්‍යාප්ත කිරීම මගින් අදාළ පුද්ගලයන් සමාජයට පණිඩිඩයක් ‍ලබා දෙනු ලබයි, නමුත් ඇතැම් පුද්ගලයන් හුදෙක් විනෝදය, ප්‍රචා

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't assign the top