Skip to main content

ALS අයිස් බකට් චැලේන්ජ් එක හා ශ්‍රී ලාංකික ජන විඥ්ඥානය

ඉතාදුර්ළභ ඝණයේ ස්නායු දුර්වලතාවකට සමාන රෝගයක් ලෙස සැලකෙන Amyotrophic lateral sclerosis හෙවත් ඒ එල් එස් රෝගය ගැන ලෝකයේ ඇස් ඇරීමට හා එය තුරන් කිරිමට මූල්‍ය අරමුදල් රැස්කිරීමේ අරමුණින් මුලින්ම අයිස් බකට් චැලේන්ජ් ලෙස කවකෙකුට අභියෝග කිරීම ඇමරිකාවේදී ආරම්භ විය.



මෙහිදී සිදු කරන්නේ තමන් විසින් තවත් තිදෙනෙකුට අභියෝග කිරීමයි, එහිදී අයිස් පිරි භාජනයක් හිස මතට වත්කරගනිමින් තමන්ව අනුගමනය කරනලෙස අභියෝග කරයි.

අභියෝගය භාරගන්නා පිරිස් ඒ.එල්.එස් අරමුදලට දායකවීමට අමතක නොකරන අතරම අයිස් වතුර තම හිසට හලා ගනිමින් අදාළ පුණ්‍ය කාර්‍යයට එක්වූ බව නාමිකව අගවයි. එසේම මෙහි තවත් එක් අවශේෂ කාරණයක් ඇත.

එදාළ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන රෝගීන්‍‍ගෙ සම ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ප්‍රායෝගිකව පෙන්වාදීමද මෙයින් සිදුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම අයිස් බකට් අභියෝගයෙහි ඇති අර්ථය නොදන්නා පිරිස් විසින් මෙම පුණ්‍ය කාර්‍යය හාස්‍ය දනවන්නක් ලෙස සිදුකිරීමට පෙළඹීම ශෝකවිය යුතු කරුණකි.

අයිස් බකට් අභියෝගය මගින්, එය ව්‍යාප්ත කිරීම මගින් අදාළ පුද්ගලයන් සමාජයට පණිඩිඩයක් ‍ලබා දෙනු ලබයි, නමුත් ඇතැම් පුද්ගලයන් හුදෙක් විනෝදය, ප්‍රචාරණය හෝ ජනප්‍රිය වීමේ අරමුණින් මෙය සිදුකිරීම හාස්‍ය ජනකය.

එවැනි පුද්ගලයන් එම ඒ.එල්.එස්. ආසාධිත රෝගීන් වෙනුවෙන් සිදුකරන සත්කාරය හැල්ලුවට භාවිත කිරීම එම රෝගීන් මෙන්ම සමස්ත මානව වර්ගයාට කරන අපරාදයකි.

මෙම අභි‍යෝගය මගින් සැබැවින්ම අරමුදල් එක්රැස් කිරීම මෙන්ම නිහඬ තොරතුරු සන්නිවේදනයක්ද සිදුවෙයි. මෙමගින් සාමාන්‍ය ප්‍රජාව අදාල රෝගය පිළීබදව දැනුවත් වීම හා එය වැලැක්වීමට එක් වීමට වැඩි දායකත්වයක් ලැබේ.

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක වෙසෙන අපගෙන් 50%ක් නියඟයෙන් හා ඉඩෝරයෙන් දුක් විදින මොහොතක, ඔවුන් වෙනුවෙන් වතුර බෝතලයක් ලබා දීමට මැළීවෙන සමස්තයක් සිටින රටක, සමාජ ජාලයට එක්කිරීමට වීඩියෝවක් තැනීමේ අරමුණින් අයිස් බකට් ඔලුවේ හලා ගැනීම හාස්‍ය ජනක ‍නොවේද?

බොහෝ පිරිසක් සැබෑ අරමුණ දැනගෙන මීට දායක වෙද්දී, තවත් පිරිසක් ජනප්‍රිය සංස්කෘතිය පසුපස යමින් වළඳක් ඔළුවේ නවා ගැනීම, කෙසේ අදාල මාරාන්තික රෝගයේ ආදීනව කියා පානු ඇද්ද.. සමාජ ජාලයට අනුගත වෙමින් ‍දිවි ගෙවන සෙලෝලයිට් වීරයන් හා සමාජ සේවකයන්, තමන් ගේ වගකීම පිළීබදව යම් අවබෝධයක් ඇතිව දිවිගෙවිය යුතුය.

ඔබ සමච්චලේට ලක්කරන්නේ මෙල‍ොව දිවි ගෙවීමට අයිතියක් ඇතත් වාසනාව අහිමි පිරිසකගේ රෝගාභාධයක් වෙනුවෙන් ඉදිවුණු වේදිකාවයි.

තවත් පිරිසක් පවසන්‍ නේ මෙය ශ්‍රී ලංකාවේ රෝගයක් නොවෙන හේතුවෙන් මෙම රෝගය පිළිබදව ප්‍රචාරණයට දායකවීම නොකල යුතු බවයි. ඔවුන්ගේ බුද්ධියට අභියෝග කිරීම තවත් එක් තකතීරු කමකි.







Comments

  1. හම්බන්තොට ප්‍රදේශයේ උපන් කෙනෙකු වශයෙන්, ඔබ අඩුම තරමින් මේ ලිපිය ලියමින් දැනුවත් කිරීම ඉතා හොඳ ක්‍රියාවක් ලෙස දකිමි. මේ ලිපිය බොහෝ දෙනා අතරට ගෙන යන්නට කටයුතු කරමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Configuring Your MX Records: Other domain hosts Google Apps

These instructions are provided as a general guide for changing MX records. Sign in to your hosting account, and go to the MX record maintenance page.   Who is my domain host? MX records may be located in   DNS Management ,   Mail Server Configuration , or   Name Server Management . You may have to enable advanced settings to edit your MX records. Delete all existing MX entries. By default, MX records may already be present. Enter the following MX records. You may not be able to enter the priority value exactly as it appears in the table below -- if you can, make sure each record follows the indicated order. If you aren't able to assign priorities, you should only enter   aspmx.l.google.com. . Set any TTL values to 1 Hour (value=3600). Priority Mail Server 1 ASPMX.L.GOOGLE.COM. 5 ALT1.ASPMX.L.GOOGLE.COM. 5 ALT2.ASPMX.L.GOOGLE.COM. 10 ASPMX2.GOOGLEMAIL.COM. 10 ASPMX3.GOOGLEMAIL.COM. Note : ASPMX.L.GOOGLE.COM is the top priority mail server. Don't...

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...