Skip to main content

ALS අයිස් බකට් චැලේන්ජ් එක හා ශ්‍රී ලාංකික ජන විඥ්ඥානය

ඉතාදුර්ළභ ඝණයේ ස්නායු දුර්වලතාවකට සමාන රෝගයක් ලෙස සැලකෙන Amyotrophic lateral sclerosis හෙවත් ඒ එල් එස් රෝගය ගැන ලෝකයේ ඇස් ඇරීමට හා එය තුරන් කිරිමට මූල්‍ය අරමුදල් රැස්කිරීමේ අරමුණින් මුලින්ම අයිස් බකට් චැලේන්ජ් ලෙස කවකෙකුට අභියෝග කිරීම ඇමරිකාවේදී ආරම්භ විය.



මෙහිදී සිදු කරන්නේ තමන් විසින් තවත් තිදෙනෙකුට අභියෝග කිරීමයි, එහිදී අයිස් පිරි භාජනයක් හිස මතට වත්කරගනිමින් තමන්ව අනුගමනය කරනලෙස අභියෝග කරයි.

අභියෝගය භාරගන්නා පිරිස් ඒ.එල්.එස් අරමුදලට දායකවීමට අමතක නොකරන අතරම අයිස් වතුර තම හිසට හලා ගනිමින් අදාළ පුණ්‍ය කාර්‍යයට එක්වූ බව නාමිකව අගවයි. එසේම මෙහි තවත් එක් අවශේෂ කාරණයක් ඇත.

එදාළ ස්නායු දුර්වලතාවයෙන් පෙලෙන රෝගීන්‍‍ගෙ සම ප්‍රතික්‍රියා දක්වන ආකාරය ගැන ප්‍රායෝගිකව පෙන්වාදීමද මෙයින් සිදුවන බව පැවසේ. කෙසේ වෙතත් මෙම අයිස් බකට් අභියෝගයෙහි ඇති අර්ථය නොදන්නා පිරිස් විසින් මෙම පුණ්‍ය කාර්‍යය හාස්‍ය දනවන්නක් ලෙස සිදුකිරීමට පෙළඹීම ශෝකවිය යුතු කරුණකි.

අයිස් බකට් අභියෝගය මගින්, එය ව්‍යාප්ත කිරීම මගින් අදාළ පුද්ගලයන් සමාජයට පණිඩිඩයක් ‍ලබා දෙනු ලබයි, නමුත් ඇතැම් පුද්ගලයන් හුදෙක් විනෝදය, ප්‍රචාරණය හෝ ජනප්‍රිය වීමේ අරමුණින් මෙය සිදුකිරීම හාස්‍ය ජනකය.

එවැනි පුද්ගලයන් එම ඒ.එල්.එස්. ආසාධිත රෝගීන් වෙනුවෙන් සිදුකරන සත්කාරය හැල්ලුවට භාවිත කිරීම එම රෝගීන් මෙන්ම සමස්ත මානව වර්ගයාට කරන අපරාදයකි.

මෙම අභි‍යෝගය මගින් සැබැවින්ම අරමුදල් එක්රැස් කිරීම මෙන්ම නිහඬ තොරතුරු සන්නිවේදනයක්ද සිදුවෙයි. මෙමගින් සාමාන්‍ය ප්‍රජාව අදාල රෝගය පිළීබදව දැනුවත් වීම හා එය වැලැක්වීමට එක් වීමට වැඩි දායකත්වයක් ලැබේ.

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටක වෙසෙන අපගෙන් 50%ක් නියඟයෙන් හා ඉඩෝරයෙන් දුක් විදින මොහොතක, ඔවුන් වෙනුවෙන් වතුර බෝතලයක් ලබා දීමට මැළීවෙන සමස්තයක් සිටින රටක, සමාජ ජාලයට එක්කිරීමට වීඩියෝවක් තැනීමේ අරමුණින් අයිස් බකට් ඔලුවේ හලා ගැනීම හාස්‍ය ජනක ‍නොවේද?

බොහෝ පිරිසක් සැබෑ අරමුණ දැනගෙන මීට දායක වෙද්දී, තවත් පිරිසක් ජනප්‍රිය සංස්කෘතිය පසුපස යමින් වළඳක් ඔළුවේ නවා ගැනීම, කෙසේ අදාල මාරාන්තික රෝගයේ ආදීනව කියා පානු ඇද්ද.. සමාජ ජාලයට අනුගත වෙමින් ‍දිවි ගෙවන සෙලෝලයිට් වීරයන් හා සමාජ සේවකයන්, තමන් ගේ වගකීම පිළීබදව යම් අවබෝධයක් ඇතිව දිවිගෙවිය යුතුය.

ඔබ සමච්චලේට ලක්කරන්නේ මෙල‍ොව දිවි ගෙවීමට අයිතියක් ඇතත් වාසනාව අහිමි පිරිසකගේ රෝගාභාධයක් වෙනුවෙන් ඉදිවුණු වේදිකාවයි.

තවත් පිරිසක් පවසන්‍ නේ මෙය ශ්‍රී ලංකාවේ රෝගයක් නොවෙන හේතුවෙන් මෙම රෝගය පිළිබදව ප්‍රචාරණයට දායකවීම නොකල යුතු බවයි. ඔවුන්ගේ බුද්ධියට අභියෝග කිරීම තවත් එක් තකතීරු කමකි.







Comments

  1. හම්බන්තොට ප්‍රදේශයේ උපන් කෙනෙකු වශයෙන්, ඔබ අඩුම තරමින් මේ ලිපිය ලියමින් දැනුවත් කිරීම ඉතා හොඳ ක්‍රියාවක් ලෙස දකිමි. මේ ලිපිය බොහෝ දෙනා අතරට ගෙන යන්නට කටයුතු කරමි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

ජාතික ගීය හෝ ජාතික ධජය, අන්තවාදය පෙන්වන ආභරණයන් නොවේ..

ජාතික ගීය හෝ ජාතික ධජය, ජාතික ධජයේ වර්ණයන් යනු තොපේ ජාතිය හෝ ධර්මය පෙන්වන ආභරණයන් නොවේ.. එය ජාත්‍යාලය, දේශාභිමානය‍‍‍ හා දේශයේ පෞඪත්වය පෙන්වන ජාතියේ අනන්‍යතාව යයි.  ජාතිය යනු ශ්‍රී ලාංකික ජාතියයි.  ලංකාවේ සම"හරක්" වැනි පටු අරමුණු සහිත වූවන් ඉන්දියාව වැනි රටක රජවී සිටියානම් ඔවුන්ගේ ජාතික ගීය භාශා 1000 කින් පමණ remix වන්නට ඉඩ තිබුණි.  සරල උදාහරණයක් - ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර 20-20 ලෝක කුසලානයේ තරගයෙන් පසුව, ඉන්දීය ජාතික කොඩියේ වර්ණයන් ගෙන් යුතුවූ සමරු ලෙහෙන්සුවක් මා දෝනී වෙත ලබාදී ඔහුගෙන් සමරු සටහනක් ඉල්ලූ අවස්තාවේ ඔහු ඔහුගේ කැප් එක මට ලබාදී පැවසුවේ. කෙදිනකවත් ඉන්දියානුවෙකු තම ජාතික කොඩියට හෝ තම රටට අගෞරව නොකරන බවයි.  (මට දෝනී පේන්න බැරි චරිතයකි)  ඔවුන් තුළ ඇති දේශාභිමානය‍‍‍..... ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට ඇත.

ගම්මැද්ද බ්ලොග්: වකුගඩු රිදුම් දෙන හම්බෙගමුව වැසියෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, හම්බෙගමුවට ගම්මැද්ද කණ්ඩායම යන විට ඔවුන්ට, බරපතල ගැටලුවක්ව පැවතියේ පිරිසිදු ජලයයි. ​ ඔවුන් සියල්ලන්ගේම වාගේ  මුවග රැඳුනේ, " වතුර නැහැ, හරි කිවුලයි, මේව බිව්වොත් ඉවරයි, වෙන මොනව කරන්නද පිපාසෙ ඉවසන්නත් බැහැනෙ. "  යන වදන්.. ඒ අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් මූලිකත්වය හිමිවුනේ ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් වෙතයි.  හම්බෙගමුවටම ආභරණයක් වූ හම්බෙගමුව ද්විතීයික පාසලේ දී ආරම්භ කල පළමු ව්‍යාපෘතිය අවසන් වුනේ අවට ගම්මාන රැසක ජනතාවට සැනසුම් සුසුම් ඉතිරි කරමින්. හම්බෙගමුව පාසලේ ව්‍යාපෘති ආරම්භය කණ වැකුනු ජනාධිපති වරයා හම්බෙගමුව ගම්මානයටම පිරිසිදු ජලය ලබා දීමට පියවර ගත්තේ, අවට ප්‍රදේශය ගිලිමින් සිටි වකුගඩු මාරයාට අභියෝගයක් එල්ල කරමින්. වකුගඩු මාරයා ... සෑම පවුලකම එක් වකුගඩු රෝගියෙකු හෝ සිටීම හේතුවෙන්  හම්බෙගමුව ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට වකුගඩු රෝග එතරම්, ආගන්තුක නැහැ. බැර ලෝහ අයන වලින් ගහන ජලය ඊට හේතුවයි. ජල පිරිපහදු කට්ටල සවිකිරීම මීට පිළියමක් නොවුනත්, යම් තාක් හෝ අස්වැසිල්ලක් ඉන්  මේ ජනතාවට හිමිවනු නොඅනුමාන...