මේ කතාව මට නුපුරුදුයි... සල්ලි ඉල්ලන වන්දි ඉල්ලන රජයට බනින මිනිස්සු ඉන්න රටේ මේ වගේ ඉල්ලීමක්... අම්පාර පොතුවිල් වලට ළඟ රොට්ටේ ප්‍රදේශයේ පෞරාණික කොවිලක් අසලට ගිය විට කෙනෙක් ඇවිත්... සර් පොඩි ප්‍රශ්නයක් තියනව. ඇවිල්ල බලනවද ඇහුව.. ප්‍රශ්න නැත්තෙ කාටද යමුකො බලන්න.. මඩ වතුර පිරුණු වැවක් ළඟ ධීවරයන් පිරිසක් අමුතු කතාවක් කියන්න වුණා... "මේ වැව දැන් හිඳිල, මේ වටේට ලොකුවට කරන කුඹුරු තියනව. මේ ගමේ අයට කුඹුරු අක්කර භාගයක් තියා එදා වේල කන්න සල්ලි නෑ. මේ හැම පවුලම රැකෙන්නෙ වැවෙන් අල්ලන මාලු වලින්. අපිව මාලු අල්ලන මිනිස්සු නිසා ගණන් ගන්නෙත් නෑ" අපි සංගමයක් විදියට එකතුවෙලා වැහි කාලෙ අාපු ගමන් මාලු පැටව් සල්ලිවලට අරන් වැවට දානව. ඒ මාලු ලොකු උණාම අල්ලනව ඒත් ලොකු දැල් දාල. මොකද මාලු පැටව් පරිස්සම් කරගන්න ඕන. දැන් අවුරුදු දෙකක් තිස්සෙ පෑවිල්ල. ඒ මදිවට තියන වතුර සේරම කුඹුරුවලට ඇරල මාලුන්ට ජීවත්වෙන්න බෑ. වැව හිඳෙද්දි මාලු මැරෙනව. ලුණු ගතිය වැඩි වෙනව. දැන් කොක්කුයි පිට රටෙන් ඇවිල්ල ඉන්න කුරුල්ලොයි ඉතුරු මාලු පැටව් කනව. මේ අවුරුද්දම ඉවරයි. අපේ ගෑණුන්ගෙ කණ...
ඇමරිකානු ඩොලර් මිලියන 104 කට ආසන්න වියදමකින් දකුණු ආසියාවේ උසම ඉදිකිරීම ලෙස නෙළුම් පොහොට්ටුවක හැඩය ගත්, නෙළුම් කුළුණ ඉදිවේ. අගනගරයේ භූ විශමතාවය අනුව, සමස්ථ ප්‍රදේශයටම පෙනෙන ආකාරයෙන් ඉදිවන මෙය, මෙරට ඉදිවන දැවැන්තම ඉදි කිරීමක් ලෙස සඳහන් කළ හැක. මීටර් 350 ක උසකින් යුත්, නෙළුම් කුළුණ මෙරට සන්නිවේදන අවශ්‍යතා මෙන්ම ගුවන් විදුලි හා රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු සිදුකිරීමේ අරමුණින් ඉදිකරන බව පවසුව ද, එය සත්‍යයක් දැයි සැකමතුවේ. මේසා විශාල පිරිවැයක් දරමින්, රුපියල් මිලියන 16,000 කට අධික අයෝජනයක් දැරීම ඒ සඳහා යුතුදැයි ගැටලුවක් ඇත. මෙහි ඇති මහල් සියල්ල පාහේ වෙන්වන්නේ සුඛෝපභෝගී අවන් හල් හා උත්සව ශාලා සඳහායි. ඉහළින් ඇති කුළුණු හිසේ ලෝහහය ඇන්ටනාව හරහා සම්ප්‍රේෂණ කටයුතු සිදුවේ. වසර 14 කින් මීට අයෝජනය කළ මුදල පියවා ගැනීමේ සැලසුමක් ඇතිව මේ කුළුණ ඉදි කළ ද මේ දක්වා, මෙහි පාලනය භාරගැනීමට සමාගමක් කැඳවීම කෙරෙහි වූ ටෙන්ඩර් කැඳවීමක් සිදුව නැත. තවත් සුදු අලියෙක්, ජනතා මුදලින් නඩත්තු වේදැයි සැක මතුවේ. අලංකාර ප්‍රෞඩත්වයට වැඩි ඉඩක් ලබා දෙන අප වැනි දියුණු නොවන රටක ජනතාවට...