Skip to main content

Posts

Showing posts from 2016

ගම්මැද්ද බ්ලොග්: වකුගඩු රිදුම් දෙන හම්බෙගමුව වැසියෝ

මොණරාගල දිස්ත්‍රික්කයේ, හම්බෙගමුවට ගම්මැද්ද කණ්ඩායම යන විට ඔවුන්ට, බරපතල ගැටලුවක්ව පැවතියේ පිරිසිදු ජලයයි. ​ ඔවුන් සියල්ලන්ගේම වාගේ  මුවග රැඳුනේ, " වතුර නැහැ, හරි කිවුලයි, මේව බිව්වොත් ඉවරයි, වෙන මොනව කරන්නද පිපාසෙ ඉවසන්නත් බැහැනෙ. "  යන වදන්.. ඒ අනුව ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අතරින් මූලිකත්වය හිමිවුනේ ජල පිරිපහදු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් වෙතයි.  හම්බෙගමුවටම ආභරණයක් වූ හම්බෙගමුව ද්විතීයික පාසලේ දී ආරම්භ කල පළමු ව්‍යාපෘතිය අවසන් වුනේ අවට ගම්මාන රැසක ජනතාවට සැනසුම් සුසුම් ඉතිරි කරමින්. හම්බෙගමුව පාසලේ ව්‍යාපෘති ආරම්භය කණ වැකුනු ජනාධිපති වරයා හම්බෙගමුව ගම්මානයටම පිරිසිදු ජලය ලබා දීමට පියවර ගත්තේ, අවට ප්‍රදේශය ගිලිමින් සිටි වකුගඩු මාරයාට අභියෝගයක් එල්ල කරමින්. වකුගඩු මාරයා ... සෑම පවුලකම එක් වකුගඩු රෝගියෙකු හෝ සිටීම හේතුවෙන්  හම්බෙගමුව ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවට වකුගඩු රෝග එතරම්, ආගන්තුක නැහැ. බැර ලෝහ අයන වලින් ගහන ජලය ඊට හේතුවයි. ජල පිරිපහදු කට්ටල සවිකිරීම මීට පිළියමක් නොවුනත්, යම් තාක් හෝ අස්වැසිල්ලක් ඉන්  මේ ජනතාවට හිමිවනු නොඅනුමාන...

Blogged: #Gammadda හරියට බලද්දි ඒකත් පිස්සු වැඩක් තමයි..

නදීෂාන් ඇයි බන් දැන් මැච් එකකවත් පේන්න නැත්තෙ. කොහෙද මේ රට වටේ යන්නෙ. ඕව බොරු වැඩ බං, මොකෝ චන්දෙවත් ඉල්ලන්න යනවද? ඔෆිස් වැඩ වලින් අයිස් ගහල වටේ යනවනෙ.  මේ දිනවල මගෙන් අහන සමාන හා අසමාන ප්‍රශ්නාවලිය.. කුඩා කල ගම් බදව වාසය කලත් දැන් අප ‍ කොලොම්පුරේ ගෙන්දගම් පොළව සමග හැපෙමින්, ජීවන යුද්ධයේ නිරතවෙමින් සිටිනවා. අපි ලංකාව  සංසන්ධනය කරන්නේ යුරෝපය, අග්නිදිග ආසියාව හරි මධ්‍යම ආසියාව සමග. ඒ අදාල රටවල්වල ඇති දැවැන්ත සංවර්ධනය ලංකාවට නොපැමිණීම ගැන. දළ දේශීය නිශ්පාදනය සංඛ්‍යා අංක පෙන්නමින්  ලංකාවේ දේශපාලුවන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින්, රට සංවර්ධනයේ මාවතට එන බව කියනව.  ඒත් මේරටේ බහුතරයක්, එදිනෙදා කටයුතුවත් කරගැනීමට බැරිව, බීමට පිරිසිදු වතුර ටිකක්, ගමන් කිරීමට පාරක්, රෑට නිදහසේ නින්දක් නැතිව එදා වේල ටුවර්ස් ජීවිතයක් ගෙවන බව දන්නේ කීයෙන් කී දෙනාද ? වතු කම්කරුවන් හැමදාම කම්කරුවන් විය යුතුයි, ගොවියාගේ දරුවාද ගොවියෙකු, නාට්ටාමිවරයාගේ දරුවාට නාට්ටාමියෙකුගේම ජීවිතයම අවශ්‍ය බව සිතන රදළයන්, අත්මාර්ථකාමීන් වර්ථමානයේද සිටින බව ඔබ දන්නවාද?  දිවයින පුර...

Blogged: පොළොන්නරුවේ නටඹුන්වූ ජීවිත සොයා - අත්තනකඩවල

පළමුවරට පොළොන්නරුව ප්‍රදේශයට ගමන් කිරීමේ අවස්ථාව ගම්මැද්ද දින 100 වැඩසටහනේ ව්‍යාපෘති දෙකකට සම්බන්ධ වීම හේතුවෙන් මට උදා විය. බොහෝ දෙනෙකු පොළොන්නරුව ප්‍රෙද්ශය විනෝද චාරිකාවක හෝ වන්දනා ගමනක එක් නවාතැනක් ලෙස තොරාගත්තද මෙම ගමන එවැනි කටයුත්තකට බොහෝ සෙයින් වෙනස් ගමනකි. අපගේ පළමු නවාතැන වූයේ දඹුල්ල ප්‍රදේශයට මායිම්ව, තිබූ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර ප්‍රාදේශිකයේ  අත්තනකඩවල නම් ග්‍රාමයයි. අත්තන කඩවල යාය 26 මහසෙන් විද්‍යාලයට අප යනවිට සවස්වී තිබුණත් අවට පිරිස හා විද්‍යාලයීය කාර්ය මණ්ඩලය ඉතා උනන්දුවෙන් අප එන පෙරමග බලා සිටියා. ප්‍රදේශයේ දුවා දරුවන්ගේ නැන පහන් දල්වන ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුවත්, ඔවුන් සතුව තිබුනේ ගොඩනැගිලි දෙකක් පමණයි. වසර 40 ක් පමණ පැරණි ගොඩනැගිල්ලක්, ගරා වැටෙන තත්වයට පත්ව තිබුණත්, බලධාරීන්ගේ හා නිළධාරීන්ගේ දෑස ඒ වෙත යොමුව තිබුනේ නැහැ. ගම්මැද්ද 100 යටතේ එම ගොඩනැගිල්ල නවීකරණය කර දීමේ වගකීම අප භාරගත්තා. සැමවිටම ග්‍රාමීය ජනතාවගෙන් දැකගත හැකි, නිරහංකාර හා ආගන්තුක සත්කාර අපට නොමදව ඒ ගමේදීත් අත් විදීමට හැකිවුණා.  දෙවැනි දිනයේදී අප නැවත මහ...

Blogged: චන්නට මොකද උනේ ? චන්න ඇයි මෙහෙම කරගත්තෙ ?

ඊ.බී. චන්නව මා හඳනාගන්නේ 1994 වසරේදීයි එවකට මම පාසල් ශිෂ්‍යයෙක්, සෑම පාසල් ක්‍රීඩකයෙකුම සිහින මැව්වෙ, චන්න වගේ පාපන්දු ක්‍රීඩකයෙකු වෙන්න.  ඔහු මුලින්ම ජාතික තලයට පිවිසෙන්නේ, වයස 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැති තරගාවලියකට සහභාගීවෙමින්, ඔහු ගාල්ල යූත් ගාල්ල යුනයිටඩ් ක්‍රීඩා සමාජ දෙකම විටින් විට නියෝජනය කල අතරම, ඔල්ඩ් ජෝස් ( මරදාන ආදි ශාන්ත ජෝසප් ) කණ්ඩායම නියෝජනය කලා. පාසල් සමයේම දක්ෂතා ගොන්නක් එක්ක පීදුනු මෙම ක්‍රීඩකයා ප්‍රධාන පෙලේ තරග වලට පිවිසුනේ   , පෙටා යුනයිටඩ් හා වික්ටර් ක්‍රීඩා සමාජ වලින්.  ජාතික කණ්ඩායම වසර 15 කට අධික කාලයක් නියෝජනය කරපු චන්න මෙරට ඇති බොහෝ ක්‍රීඩා සමාජ වල ප්‍රධාන සාමාජිකයෙක් වුණා. ඒ වගේම මාලදිවයින, ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවලත් ක්‍රීඩා සමාජ තරගවලට ක්‍රීඩා කරපු චන්න දැන් ඉන්නේ ගාල්ල නගර සභාවෙ සුලු සේවකයෙකු විදියට ලු..  දැනටත් කලුතර බ්ලූස්ටාර් කණ්ඩායමේ සාමාජිකයෙකු වන චන්නට මෙහෙම වුනේ ඇයි ?  ඔහු  අතීතයෙන්, වර්තමානයට හෝ අනාගතයට අයෝජනයක් කර ගෙන නැත. ඉහළ සාමාජ තත්වයක් සකසා ගැනීමේ හැකියාව මෙන්ම අත්දැකීම්...

විඩාබර ගමනකින් පසුව ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම බ්‍රසීලයට ළඟා වෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔළිම්පික් ක්‍රීඩා උළෙලට මෙවර ක්‍රීඩකයන් හත් දෙනෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු සහභාගීවේ. බ්‍රසීලයේ රියෝද ජනයිරෝ නුවර පැවැත්වෙන ක්‍රීඩා උළෙල අනිද්දා (6) මෙරට වේලාවෙන් පෙරවරු 4.00 ට නිළ වශයෙන් ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 දෙනෙකු මෙරටින් පසුගිය සඳුදා බ්‍රසීලය බලා ගමන් ගත් අතර, ඔවුන් ඊයේ (3) මෙරට වේලාවෙන් පෙරවරු 9ට පමණ බ්‍රසීලයට ලඟා වී ඇත. ගුවන් යානා තුනක පැය 38 කට අධික කාලයක් ඒ සඳහා ඔවුන් ගතකර ඇත. මේ දිනවල රියෝ නුවර කාළගුණය සෙල්සියස් අංශක 22ක් පමණ වන බව වාර්තා වන අතර, එය ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අභියෝගයක් වනු ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් කිමිකෝ රහීම් පසුපස ආර පිහිණුම් ඉසව්වෙන්, ලබන 7 වැනි දා පළමු වැන්නා ලෙස තරග බිමට පිවිසීමට නියමිතයි. ඇයගේ  මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9ට පමණ ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන කාල සටහන. කිමිකෝ රහීම් - පසුපස ආර 100 - 7 වැනි දා - පැය  21.30 (මූලික වටය)  සුදේෂ් පීරිස් - බර ඉසිලීම - 62 කිලෝ - 8 වැනි දා - පැය 18.30 (අවසන්)...

මංජුලට ඔලිම්පික් වරම් අහිමි වූවාද? අහිමි කලා ද?

10/07/2016: අද ඔහු සහභාගීවූ සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී උපරිම උත්සාහයක ඔහු යෙදුන බවට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. ඔහු ඒ වෙනුවෙන් කෙතරම් කැප වී ඇද්ද යන්නද එහිදී දැකගත හැකි විය. ඔහුගේ ඔලිම්පික් ගමන වැලකුනේ ඔහුට 2.29 තරණය කිරීම නොහැකි වූ නිසා නොවේ. ඔහුට ඊට අවශ්‍යවූ අවස්ථා නොලුබුණු නිසාවෙනි. අද ඔහුට එය කල නොහැකි විය. නමුත් මෙවැනිම අවස්ථා හතක් අටක් පසුගිය කාලයේදී ලබා දී තිබුනේ නම් ඔහුට අද වනතෙක් සිටීමට සිදුනොවනු අනුමානය. අද ඔහුගේ පිමි දෙකක් වලකාල ූයේ පාදයේ බත් කෙන්ඩ හා විලුඹයි.එම තාක්ෂණික වරද නිවැරදි කරගැනීමට උපදෙස් දීමට හො කිසිවෙකු නොවුවද ඔහු තනිව සටන් වැදින. ක්‍රීඩාංගණයේ සිටි සියලු දෙනා මංජුල වෙනුවෙන් ඔල්වරසන් දෙමින් ඔහුගේ උත්සාහයට උදව් කලේය. කෙසේ වෙතත් ඔහුගේ උත්සාහය හා මහන්සිය වසර 4කට කල් දමමින් යතාර්තය ජයග්‍රහණය කලේය. මංජුල මෑත ඉතිහාසයේ වාර්තා කල උපරිම දක්ෂතාවද අද දැක්වූ 2.25 දක්ෂතාව සැලකේ. බළධාරීන් හා නිළධාරීන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන යොදවන අවධානය අද දින ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිත කල ආකාරයෙන්ම නිරීක්ෂණය කල හැකිවිය. ජාතික හො ජාත්‍යන්තර තරගාවලියකදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරනු...

Mathale Laggala will be in history books very soon - People need justice

#‎ ThinkAgain‬   ‪#‎ ValueTheVote‬  This beautiful village Palagama, Laggala, Mathale (recently became a star village coz of stolen Weapons from their police  😉 ) will be buried very soon due to a proposed Kaluganga Reservoir Dam project. Villagers need a proper mechanism to evacuate the area. The Pahalagama area of the Laggala situated in Mathale will be drawn with a year for half due to a proposed water reservoir project for cultivation. However, governing body failed to propose the villagers a proper mechanism to evacuate the area. The area surrounded by a beautiful mountain range and sustain  by a river called "Kalu Ganga".  You can see the mountain Knuckles and many other mountains around. What they need is a trustworthy compensation before evacuating the area.